ගංවතුර ආපදාවට ලක් වූ ප්‍රදේශවල ළිං පවිත්‍ර කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ලබාදීම.
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයකින් යුතුව මහජනතාව වෙත සැපයීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිළිබඳවසහ ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කර ගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්‍රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බැවින් සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් කළුතර, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුර ආපදාවට ලක් වු ප්‍රදේශවල පානීය ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම භාවිතා කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ඒකක 10 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ලබා දීමට කටයුතු කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)මෙරට වැඩසටහන් භාර නිලධාරීනී මලින් හර්විග් (Ms. Malin Herwig) මහත්මිය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත මෙම භාණ්ඩ භාරදීම පසුගිය දා සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශගුණ සහ පරිසර පිළිබඳප්‍රතිපත්ති විශේෂඥ බුද්දික හපුආරච්චිඇතුලු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගස් සහ ගල් ඉවත් කිරීම.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව කොටස මාර්තු 08 වන දින පස්වරු 7.30 සිට තාවකාලිකව වසා දමා අවදානම් තත්ත්වයේ පවතින ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී.
මෙම කාල සීමාව තුළ කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ හෝ කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරට හෝ මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේද මහනුවරට ළඟාවීම සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන ලදී.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමගේ උපදෙස් මත ආපදා කළමනාරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරිය, දැව සංස්ථාව, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සහ පොලීසය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධ විය.






පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම
පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගනණාවක ක්ෂණික ගංවතුර මෙන්ම නායයාම්, කණ්ඩි කඩවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 3 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී ඇති බවත් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 166 පවත්වා ගෙන යන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා අද දින (05) ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී.
ඒ අනුව ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම සදහා අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්‍රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බව සහ සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව මෙම නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එසේම මෙවැනි ගංවතුර තත්ත්වයන් සඳහා විසදුම් ලබාදීම සඳහා දිගු කාලීන අවමකිරීමේ ව්‍යාපෘති හදුනාගෙන ඇති බවත් ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හදුනාගෙන ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය ආහාර පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ ග්‍රාමීය කමිටු විසින් ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් එය තව දුරටත් ශක්තිමත් කිරීම සදහා 1/2020 (1) චක්‍රලේඛය මගින් ලබා දී තිබු සහන වැඩි කිරීමට රජය විසින් කටයුතු කළ බව අමාත්‍යවරයා මෙම නියෝජිත පිරිස අමතමින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ඒ අනුව එක් පුද්ගලයෙකු සදහා දිනකට ආහාර සදහා පැවති රුපියල් 450.00 මුදල රුපියල් 600 දක්වා වැඩි කළ බවත් එක් පුද්ගලයකු සදහා වියලි ආහාර වෙනුවෙන් සතියක කාලයක් සදහා වෙන් කර තිබු රුපියල් 1,350.00 ක මුදල 1,800.00 දක්වා ද සාමාජිකයින් 02 දෙනෙකු සදහා වු මුදල රුපියල් 1,800.00 සිට 2,400.00 දක්වා ද, සාමාජිකයින් 03 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,100.00 සිට රු 2,800.00 දක්වා ද, 04 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,400.00 සිට රු 3,200.00 දක්වා ද, 05 දෙනෙකු හෝ ඊට වැඩි පවුලක් සදහා වු මුදල රුපියල් 2,700.00 සිට රු 3,600.00 දක්වා ද වැඩි කර ඇත.
මෙම දැනුවත් කිරීම රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ විය.
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස්

පවතින ආපදා තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ (03) වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පසුගිය දින කීපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මහනුවර, නුවරඑලිය වන දිස්ත්‍රික්ක වල පීඩාවට පත්වූ ජනතාවට සහණ සැලසීම හා විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම් වරුන්ට බලපාන් ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.
මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ.
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් මෙම කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පවතින උණුසුම්කාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
අනු-ප්‍රවර්ගයන්
News & Events
- Japan hands over emergency relief supplies to support cyclone “Ditwah” affected families in Sri Lanka
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
- ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව කොළඹ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
හදිසි ඇමතුම්
117+94 112 670 002






