දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
පවතින ආපදා තත්වයයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා යොයා බැලේ.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබදව යොයා බැලීම සදහා වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී විය. මතුගම, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආපදාවට පත් ජනතාව ගේ අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිළධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන ලදී. වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර මහතා, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ චමින්ද පතිරාජ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය ඉදිරි පැය 48 ක කාලය තුළ දී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් එය උතුරු දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හදිසි ඇමතුම්
117+94 112 670 002