අවම කිරීම්, පර්යේෂණ හා සංවර්ධන අංශයට ජාතික මට්ටමේ ආපදා අවම කිරීම් සහ ව්‍යුහාත්මක හා ව්‍යුහාත්මක නොවන ක්‍රියාකාරකම් මත පදනම් වූ අවදානම් අවම කිරීම් යන වගකීම් පැවරී ඇත. තවද, මෙම අංශයට ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය, අවදානම් විශ්ලේෂණය සහ සිතියම්කරණය යනාදී ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් සියළු තාක්ෂණික කරුනු කාරණා පිළිබඳ වගකීම පැවරී ඇත.

ප්‍රධාන වගකීම් :

  • ව්‍යසනයන් අවම කිරීම සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පවත්වාගෙන යාම සඳහා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම.
  • ආපදා අවදානම් අවම කිරීම සංවර්ධන ක්‍රියාවලියට ඇතුලත් කිරීම තුළින් ප්‍රධාන ප්‍රවාහයට එක්කිරීම සඳහා සහාය වීම.
  • හඳුනාගත් ව්‍යසනයන් සම්බන්ධයෙන් පොදු තොරතුරු පද්ධතිය මූලික කරගත් ආපදා තොරතුරු මූලාශ්‍රයක් සකස් කිරීම සම්බන්ධීකරණය.
  • ආපදා විශ්ලේෂණය කිරීමට අවශ්‍ය ධාරිතා වර්ධනය කිරීම.

වෙනත් වගකීම්  :

  • දත්ත හුවමාරු කරගැනීමේ උපාය මාර්ග සහ ප්‍රමිතීන් සකස් කිරීම.
  • හදිසි අවස්ථාවන්හිදී අවශ්‍ය තොරතුරු ලබාදීමට හැකිවන පරිදි සැටලයිට් තාක්ෂණය උපයෝගී කර ගනිමින් තොරතුරු ලබාගැනීමට අදාළ ආයතන සමග කටයුතු කිරීම. සහ එසේ ලබාගත් තොරතුරු විශ්ලේෂණයෙන් අනතුරුව තීරණ ගැනීම උදෙසා ලබාදීම.
  • ආපදා අවම කිරීමේ ක්‍රියාකාරී සැළසුම් සකස් කිරීම.
  • ඉඩම් භාවිතා කිරීමේ සැළසුම් ක්‍රියාවලිය සමග ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් ඒකාබද්ධ කිරීමට සහාය වීම.
  • ආපදා අවදානම් අධික ප්‍රදේශවල සැළසුම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම.
  • තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වෙබ් අඩවිය පවත්වාගෙන යාම.
  • සතුන්ගේ පහරදීම් (වන අලි, කිඹුලන් යනාදී)හේතුවෙන් අවදානම් සහගත තත්ත්වයට පත්වීම් අවම කිරීම උදෙසා අදාල සංවිධාන සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අවශ්‍ය කටයුතු කිරීම.
  • ආපදා පරිවර්තන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම. (ක්ෂුද්‍ර මූල්‍ය, ජීවිත හා දේපළ රක්ෂණ)

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052