නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.

2019 monsoon preparedness meeting නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා සහ හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබදව පාර්ෂවකාර ආයතන දැනුවත් කිරීම රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (21) පැවැත්විණි. 

මැයි මස අවසන් සතිය තුළ නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එබැවින් පසුගිය තෙවසරක කාලය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව නිසා සිදුවූ ආපදා තත්වය සහ හානි පිළිබදව අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ දී නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා පාර්ෂව කාර ආයතන වල පුර්ව සුදානම පිළිබදව සොයාබැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම අවම කරගැනීම සදහා අවශ්‍ය පුර්ව සැලසුම් සකස් කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ විය. 

 

වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනයක්.

 Wesak-2019වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට(18) යෙදී ඇත. ලොවුතුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් පොහොය දිනක යෙදී ඇති බැවින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරනු ලබයි.

press 26 met dgදිවයිනට ගිණිකොණ දිශාවෙන් පොතුවිල්වල සිට කිලෝමිටර 1150 දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වි ඇති බවත් එය සුලිකුණාටුවක් බවටත් වර්ධනයවීමේ හැකියාවක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතුල කරුණාරත්න මහතා සදහන් කරයි. ඒනිසා අපරභාගයේදි හෝ සන්ධ්‍යකාලයේදි වැසි සහිත තත්වයක් අද සහ හෙට දිනයේදි පැවතිය ද අප්‍රේල් මස 28, 29 හා 30 දින වල සිට මේ තත්වය වෙනස්වන බව ඒ මහතා පෙන්වා දේ.

‘ෆොනී’සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින පවතී.

cyclone fani 02-05මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව අද (03) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 1250 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 19º.6' ත් නැගෙනහිර දේශාංශ 85º.7' ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය නිසා දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින බව එම නිවේදනටය් සදහන් වේ.
ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කි.මි 50-60 දක්වා වන සුළං හැමිය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කි.මි 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත.
පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කි.මි 120 ත් 150 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්‍රී ලංකාවට උතුරු සහ ඊසානදෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.

Stekeholder Meetingනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමටත් හැකියාවක් පවතින බවත් අප්‍රේල් මස 27 දින සිට මැයි මස 03 දින දක්වා මෙහි බලපෑම නිසා අයහපත් කාලගුණික තත්වයක් නිර්මාණය වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ පිළිබදව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද දින (26) රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍ය ගරු රජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ආපදා කළමනාකරණ අමත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052