Village committee 2022 Hambantonra Walassmulla 1ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

 

Awareness Programma 2022  Vdyarathana Pirivena Kaluthara 2අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.

 

 

Equipment Training 24-03-2022 6

ත්‍රිවිධ හමුදාවට වෙත සහ විවිධ පාර්ශවකාර ආයතන වෙත ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය උපකරණ ලබා දීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. එළබෙන නිරිත දිග මෝසම් වර්ෂා සමයේ දී ඇතිවිය විය හැකි ආපදා අවදානම් තත්වයක දී ජන ජීවිතයට සිදුවිය හැකි පීඩාකාරී තත්වය අවම කර ගැනීම සදහා විවිධ පාර්ශවකාර ආයතන වෙත ලබා දී ඇති උපකරණ භාවිතා කිරීම පිළිබද හා එම උපකරණ නඩත්තු කිරීම පිළිබදව සිද්ධාන්තික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම පුහුණු වැඩමුලුවක් ආපදා කළමාකරණ මධ්‍යස්ස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව පසු ගිය දා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විනි.

 

Equipment Training 24-03-2022 13Equipment Training 24-03-2022 8

Equipment Training 24-03-2022 3  Equipment Training 24-03-2022 4  Equipment Training 24-03-2022 2

 

 

Village Committee  Kaluthara 2022 Bulathsinhala 2ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ බිම් මට්ටම දක්වා පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

2022-03-21 Training programme for Navy  DMC 1පුත්තලම ගගේවාඩිය නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණු මධ්‍යස්ථානයෙහි ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණුව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (21) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය සහ වගකීම පිළිබදව අදහස් දක්වන ලදී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052