Fire fighting programme Tangalle hospital 2022-09-13 2ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව තංගල්ල මුලික රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් තංගල්ල රෝහල් පරිශ්‍රයේ දී සැප්තැම්බර් මස 13 වන දින පැවැත් විණි.

ගිනි ගැනීමක දී කටයුතු කළයුතු ආකාරය පිළිබ පවතින අනවබෝධය, අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රායෝගිකව ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මනා වැටහීමක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැකි හානිය විශාල වේ. මේ නිසා හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සංවිධනය කරන ලද මෙම වැඩසටහන මගින් ගිනි ආපදාව අවදානම අවම කර ගැනීම සදහා ආපදාවට පෙර, ආපදා අවස්ථාවේ දී සහ ආපදාවකින් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම හා ගිනි ආපදාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදවවිධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදී.

Minister Visit to DMC 2022-09-12 6ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළබද සාකච්ඡා කිරීම සැප්තැම්බර් මස 13 වන දින ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.

නව්‍යත්වයෙන් යුතු නිර්මානාත්මක සැලසුම් සහිතව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වැඩි වශයෙන් ලබා ගෙන රටේ ආපදා කළමාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.

bad weather rainනිරිත දිග මෝසම් තත්වය ක්‍රීයවීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුද රළු විය හැකි බව එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (05) නිවේදනය කර ඇත.

මෙම මුුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මිටර් 2.5 – 3.0 ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවත් මෙම මුහුදු ප්‍රදේශ වල ඉදිරි පැය 24 තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දී ඇත.

එසේම මෙම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල හා මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

ඇතිවිය හැකි වර්ෂාධීක කාලගුණික තත්වය හේතුවෙන් නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබද ව සැලකිල්ල දැක්විය යුතු අතර කිසියම් ස්ථානයක නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුවත් කරන ජනතාව ගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදු වන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානමෙන් තම දේපළ සුරක්ෂිත කරගැනීම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

අකුණු අනතුරු වළක්වා ගැනීම, අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් කදුකර ප්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

පසුගිව පැය විසිහතරක කාලය සළකා බලන විට කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල (මිලිමීටර් 150) අවිස්සාවේල්ල (මිලිටීටර්114) පාදුක්ක (මිලිටීටර් 90) මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය (මිලිටීටර් 80.5) සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වහරක (මිලිටීටර්133) වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

මේ පිළිබද වැඩි විස්තර සදහා www.dmc.gov.lkයන වෙබ් අඩවියට පිවිසෙන්න

Trinco Media Programme  7ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීමආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් පසුගිය 8 සහ 9 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Kandy Resettleent Project  3

ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාක්මක කරමින් පවතින අතර මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන පිළිබද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ මහනුව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුලු පාර්ශවකාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (31) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

නායයාම් අධි අවදානමක් සහිත මහනුවර නගරාශ්‍රිත ඉහළ වානිජ වටිනාකමකින් යුතු ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබදවත් ඒම ප්‍රදේශවල ජීවත් වන ජනතාව තම නිවාස හා පරිසරය සමග බද්ධව සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලින් ඉවත් කිරීම නිසා ඇති විය හැකි සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටළු පිළිබද මෙහි දී අවධානය යොමු කෙරිණි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052