அவசர எச்சரிக்கைகள்

rss

Bad weather bay of Bengalශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 ජනවාරි 09 වන දින පෙ.ව. 06.00 වන විට මෙම කාලගුණ පද්ධතිය මඩකලපුව සිට කිලෝමීටර් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවන් මෙම පද්ධතිවය වයඹ දෙසට ගමන් කරමින් අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ජනවාරි 09 වන දින පැයට කිලෝමීටර් 50-60 ත් අතර ඉතා තද සුළං ඇති විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. මීට අමතරව බස්නාහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජනවාරි 10 සහ 11 යන දිනවලදී මෙම සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

Low-pressure-area-in-Bay-of-Bengalදිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින්න.

දිවයින හරහා පැයට කිලෝමීටර් 50-60 දැඩි සුළං තත්ත්වයක්

බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති අතර මෙම පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අද (07) උදෑසන 13.30 ට කාලගුණවිදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දී ඇත.

2026 -01-01 102026 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනෙරාල් අනුර ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වසිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ආසිරි කරුණාවර්ධන සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

 

Low-pressure-area-in-Bay-of-Bengalදිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අද (06) උදෑසන 5.30 ට කාලගුණවිදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දී ඇත.

එසේම නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

National Safety Day  21දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමිත මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි වූ ජනාවගේ ඥාතීන් ඇතුලු මහජන සහභාඝිත්වයෙන් ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී අද දින පැවැත්විණි.

සුනාමියෙන් සහ අනෙකුත් ආපදා වලින් මිය ගිය ජනතාව සිහි කර සර්ව ආගමික වතාවත් පවත්වා පිජ අනුමෝදනා කළ අතර ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු කරන ලදී එසේම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052