හදිසි අනතුරු ඇඟවීම්

rss

Tsunami  Colombo  1සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.

“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

 

Tsunami Jaffana Programe  1සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටන් මේ දිනවල පැවැත්වීමට ආපදසා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම ලේකම් ප්‍රධානත්වයෙන් පසුගිය 14 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

සුනාමි ඇතිවන ආකාරයත්, ඉන් ආරක්ෂිතවීම සදහා ගත යුතු පියවරයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාස පවත්වන ආකාරය සහ ප්‍රායෝගික අභ්‍යාසය සඳහා තෝරාගෙන ඇති ආයතන සහ ග්‍රාම නිළධාරී වසම් පෙරසුදානම් කළ යුතු අකාරය සහ මේ පිළිබඳව දිස්ත්‍රික් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී.ප්‍රායෝගික අභ්‍යාසය සිදු කරන ආකාරය පිළිබදව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සඳහා සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) සංවිධානය කරන තිබිණි. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව අනුකරණය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන එම ආයතනයන්හි පවතින සම්මත ක්‍රියාපටියාටයට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී. සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) තුළ සිදුවූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරව පිළිබද සමාලෝචනය කිරීමට කටයුතු කරන ලදී.

Lanslide Drill in rathnapura 10

හදිසි ආපදා අවස්ථාවක දී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් හදුනාගැනිම හා තහවුරු කිරීම, ඉදිරි මෝසම් කාලයේදී සහන කටයුතු සඳහා ප්‍රතිචාර දැක්විමට රාජ්‍ය සේවකයින් සජීවීකරණය කිරීම, සහන කටයුතු වල අඩුපාඩු හදුනාගැනීම හා ඒවා නිවරදි කරගැනීම, සහන කටයුතු වල යෙදෙන සේවකයින්ගේ ධාරිතා වර්ධනය කිරීම, ආපදා අවදානම සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවගේ අවධානය යොමුකර කිරීම සහ හදිසි ආපදාවකදි ප්‍රතිචාර දැක්විමට ජනතාව හුරුකිරීමේ අරමුණින් අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බනධීකරණය ඒකකය විසින් සංවිධානය කරන ලද නායයෑම් පෙරහුරු වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නායායාම් අවදානම් කලාපය තුළ පිහිටි ගනේගොඩ ග්‍රාමනිලධාරි කොට්ඨාශය තුළ පසුගිය දා පැවැත්විනි.

තෝරාගන්න ලද දින තුළ රත්නපුර දිස්ත්‍රික්කයට අධික වැසි ලැබිය හැකි බවත් ඒ අනුව නායයෑම් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව උපකල්පනය කරමින් සිදුකරනු ලැබූ සිද්ධි අධ්‍යයනයක් මගින් මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුවීම සුදුසු බව තහවුරු කර දැනුම්දීම, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන වලට අනුව කටයුතු කරන ආකාරය මෙන්ම රතු නිවේදන අනුව ක්ෂණිකව හදුනාගත් ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙතයෑම, පූර්ව අනතුරු ඇඟවීම් නිසි පරිදි ලැබීම් හා දුර්වලතා හදුනා ගැනීම, මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම හා අත්දැකීම් හුවමාරුකර ගැනීම, කඳවුරු පවත්වා ගෙන යෑම, සහන කටයුතු ක්‍රියාත්ම කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හා සහන සේවා කටයුතු දියත් කිරීම හා ක්ෂණික අවශ්‍යතා තක්සේරුව සිදුකර වාර්තා කිරීම. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටි හදිසි ආපදා ප්‍රතිචාර මැදිරි පිහිටුවා සියලු කටයුතු මෙහෙයවීම සම්බන්ධීකරණය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළ ක්‍රියාත්මක කරන ලදී.

 

Flood Drill Kaluthara  8මෝසම් පෙරසූදානම් වැඩසටහන යටතේ ඇතිවිය හැකි ආපදා අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිපැන්න බටහිර ග්‍රාම නිලධාරි වසම තුළ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදී.

ගංවතුර අවදානම් ලක්ෂණ හදුනාගන්නා ආකාරය, ගංවතුරු අවධානම් නිවේදන නිකුත් කළ අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග ඔස්සේ හදුනාගත් සුරක්ෂිත මාර්ග ඔස්සේ ඉවත්ව යාමේ ක්‍රියාවලිය පිලිබඳව අවබෝධයක් ලබාදීම, ගංවතුර ආපදා පෙර අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය හදුන්වාදිම සහ ආපදා තත්ත්වයකදී ජනතාව විසින් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය ලබාදීම. ගංවතුර ආපදා අවස්ථාවකදී ආරක්ෂාවට ගත හැකි පියවර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සහ ප්‍රජාව තුළ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම පෙරහුරු අභ්‍යාසය සිදු කිරීමේ අරමුණ විය.

Alla Wellawaya Road accident drill  3

2025 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිසු වූ රිය අනතුර පිළිබඳව සැප්තැම්බර් මස 16 වන දින පැවති සාකච්ඡාවෙන් පසුව ඇල්ල වැල්ලවාය මාර්ගයේ අවදානම් තත්සේරුවක් සිදු කර අවදානම් සහිත ස්ථානයක් තෝරාගනිමින් රිය අනතුරක දී විපතට පත්වූ වන් බේරාගැනීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට තීරණය කරන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ මගපෙන්වීම යටතේ බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ පුර්ණ අධීක්ෂණයෙන් ඌව පළාත් ආණ්ඩුකාරතුමා ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ඔක්තෝබර් මස 17 දින රිය අනතුරක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

 හදිසි ආපදා තත්ත්වයකදී සෙවීම් සහ මුදවාගැනීම්, සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම, පාර්ශවකරුවන් අතර හා ආයතන මට්ටමේ ශක්තීන්(response capacity) තම තමන්ට තක්සේරු කිරීමට අවස්ථාව ලබාදීම ඉතා අසීරු පරිසරයක සෙවීම් හා මුදවා ගැනීම් වලදී අද්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම, ආපදා අවස්ථාවල මෙහෙයුම් පරිසරය තුළ අභ්‍යන්තර සන්නිවේදනය දියුණු කර ගැනිම තුවාලකරුවන් ආරක්ෂිතව එසවිම හා ඉවත් (lifting and shifting) කිරීම කටයුතු වඩා නිවැරදිව සිදුකිරීම තහවුරු කිරීම පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම වැඩසටහන තුළින් අපෙක්ෂා කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052