නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා කළමනාකරණය කරගැනීම සඳහා ස්ථාපිත යාන්ත්‍රණයෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂාකිරීම සහ කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී මහජනතාවට සිදූ විය හැකි පීඩාවන් අවම කරගැනීම සඳහා ආයතනික වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරු අභ්‍යාසයක් සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි නිරිත දිග මෝසම් වර්ෂාව බල පෑ හැකි දිස්ත්‍රික්ක වන ගම්පහ, කොළඹ, කළුතර, බදුල්ල, රත්නපුරය, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මුලික කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යාස වැඩසටහන සදහා ජාතික මටිටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා නිළධාරීන් 250 ක් පමණ සහභාගී විය.
නිරිත දිග මෝසම සක්‍රීයවිය හැකි ආකාරය සහ එහි බලපෑම නිසා සිදුවිය හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතන වල පුර්ව සුදානම පිළිබඳව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (05/08) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනු ලබන නමුත් මැයි මස දෙවන සතිය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා සාපේක්ෂ වශයෙන් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බව පෙන්වා දෙන ලදී. නිරිත දිග මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා සහ ඒ සඳහා මුහුණ දිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිගේ සහ රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් පරිදි සහ රජයේ සෘජු මැදිහත්වීමෙන්, විදේශ අමාත්‍යතුමාගේ සහ ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ මියන්මාරය වෙත ලබාදීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විවිධ පාර්ශවකාර ආයතන සම්න්ධීකරණයෙන් එක්රැස් කරන ලද මානුෂීය ආධාර තොග සහිත අඩි 20 කන්ටේනර් බහාලුම් 10ක් සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ ජාතික මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍යාධාර ඇතුලත් තාපය පාලනය කරන ලද අඩි 20 කන්ටේනර් බහාලුම් 02 ක් සහිත ආධාර තොග මියන්මාරය වෙත පිටත් කර යැවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත භාරදීම භාරදීම අද දින (18/04) සිදු කරන ලදී.
පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක්වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන් යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අප්‍රේල් 26 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව්බිමට ළගා වූහ.
මෙම මස මුලදී මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පා අවස්ථාවේදී, ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් 5 වන දින මෙම විශේෂ ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම මියන්මාරය බලා පිටත් වු අතර ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම මියන්මාරයේ නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයක් වන පොබ්බා තිරි (Pobba Thiri) නගරයේ ආපදා සහන සේවා කටයුතු වල නිරත විය.
පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් සැලකිය යුතු දේපල හානි සහ පුද්ගල අවතැන්වීම් වාර්තා වූ මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම සිය අඛණ්ඩ සහාය තවදුරටක් දක්වමින් කටයුතු කරයි.
පසුගිය සතියේ මියන්මාරය වෙත ළඟා වූ ඔවුන්, භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කලාපවලින් එකක් වන Nay Pyi Taw පළාතට වහාම පිටත් කර හරින ලදී. පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) දින ඔවුන් තවදුරටත් Pobba Thiri නගරයේ මෙහෙයුම් සඳහා යොදවන ලද අතර, එහිදී ඔවුන් මෙම සහන මෙහෙයුමේ කොටසක් වශයෙන් ආරම්භ කල ජංගම වෛද්‍ය සායන කටයුතුවල නියැලෙමින් සිටී.
ශ්‍රී ලංකා සහන කණ්ඩායම පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙමින්, අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපිත මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින කාන්තාවන්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරයි. එරට වාණිජ අමාත්‍යාංශය, Lat Lok Toun Pagoda සහ Mashikhana Monastery හි පිහිටුවා ඇති සහන සේවා මධ්‍යස්ථානය මීට ඇතුළත් වේ.
News & Events
- ආපදා කළමනාකරණ නිළධාරී ධාරිතා වර්ධන වැඩසටහන
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
அவசர தொடர்புகள்
117+94 112 670 002