Symposium opening  2020-12The International Conference on International virtual symposium on Multi-Hazard Early Warning and Disaster Risk Reduction was launched in Colombo on 14th December 2020 with the participation of national and international organizations, professionals and academia,  involved in the field of disaster management to exchange research scientific knowledge as well as modern technological know-how to make the disaster management process efficient and effective.

State Minister of Internal Security, Home Affairs and Disaster Management, Sri Lanka, Hon Chamal Rajapaksa and Secretary to the Ministry of Defence and  State Ministry of National Security, Home Affairs and Disaster Management Major General (Rtd), Kamal Gunaratne  participated in the inaugural session via video technology.

Symposium opening  2020-12පර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින (14) කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

සමාරම්භක උත්සවයට අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වීඩියෝ තාක්ෂණය හරහා මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී විය.

සුළං තත්වයක දී ඔබගේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට පහත පියවර අනුගමනය කරමු.

highwindසුළි සුළගක් යනු උණුසුම් ජල පෘෂ්ඨ මත ඇති වන නිවර්තන කුණාටුවකි.එහි ලක්ෂණ ලෙස අධික වැසි ද,තද සුළං ද,ඇතැම් විට ගංගා හෝ ඇළ මාර්ග දිගේ රට තුළට ඇදෙන ඉහළ ගිය මුහුදු රළ හදුනාගත හැක.

සුළි සුළං නිසා ඇති වන තද වැසි නිසා ගංවතුර වගා බිම්වලට හානි වීම, යටිතල පහසුකම් විනාශ වීම, ගොඩනැගිලි, විදුලිබලය, දුරකථන කම්බි ආදීය විනාශ විය හැකි අතර ජීවිත පවා විනාශ විය හැක.

ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් කාලයේ දී උතුරු සහ නැගෙනහිර පළාත් වල බොහෝ විට සුළි සුළං ඇති වේ. වසර 2000 දී පැයට සැතපුම් 75 ක වේගයක අධික වේගයෙන් ශ්‍රී ලංකාවට හැමූ සුළි සුළඟ නිසා නිවාස හානි සහ ජනතාවගේ ජිවන කටයුතු අඩාල විය.

 

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට මුහුදු යාම පිළිබද තවදුරටත් අනතුරු අගවයි.

buravi 2020-12-03බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවත් එම හේතුවෙන් සුළිකුණාටුවෙන් ගොඩබිමට සිදුවිය හැකි බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

බුරවි සුළි කුණාටුව රාත්‍රී කාලයේ දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

Weather Bulletin of Low Pressure area in the South-East of Bay of Benga 02-12බුරවි සුළි කුණාටුව නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 4 ත් නැගෙනහිර දේශාංශ අංශක 83. කලා 4 ටත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදි දින (දෙසැම්බර් 02) නිවේදනය කර ඇත.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් අද දින (දෙසැම්බර් 02) රාත්‍රී කාලයේ දිවයිනට ඇතුලු වේ යැයි එම නිවේදනයේ සදහන් වේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052