saftey day 2020 22020 වර්ෂයේ දී ද රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම් කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු කරන ලදී.

 

 

 

 

 

 

z p01-Tsunamiජාතික සුරක්ෂිතතා දිනය වන (26) අද දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම  අරමුණු කරගනිමින් දිවයින පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ. අද  දින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට ඔබත් එක්වන්න.

symposium 2020-12-16 final dayAt the culmination of the international symposium on Multi Hazard Early Waning and Disaster Risk Reduction 2020 (MHEW DRR 2020) held on 14th, 15th and 16th at the BMICH, Colombo witnessed the participation of thirty two national, regional and international agencies responsible for tackling disaster risk in Sri Lanka. 

This three day international symposium held as a hybrid event of face to face and online, brought together over 2,500 participants from the Sri Lankan government, private sector, non-governmental organisations and higher educational institutions on to one common platform. The event was jointly organised by the Disaster Management Centre (DMC), University of Huddersfield in UK, Asian Disaster Preparedness Centre and the University of Moratuwa along with the input and sponsorship from several other partners. The new normal life style amidst the current global pandemic of COVD-19 pave the way for the creation of a virtual platform which was a well-coordinated and successful effort between the whizzes of the two universities and DMC, the host of this international event. Many local and international participants took the advantage of the virtual platform facility and joined remotely.

 

saftey day 20202004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබෙන අතර සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම මෙන්ම ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු කරන ලදී.

symposium 2020-12-16 final dayපර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දින තුනක් පුරා කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකය පැවැත් විය.

සමුලුවේ අවසන් දින ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂකස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර ආපදා අවදානම් කළමනාකරණය සහ වඩාත් සඵලදායි බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමෝපායක් තුළින් ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සදහා වන කොළඹ ප්‍රකාශය” එළි දක්වනු ලැබීය.

මෙම ජත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව පාසැල් දරු දැරියන් සහභාගීත්වයෙන් ජාතික මට්ටමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගැයීම ද මෙහි දී සිදු කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, මහාචාර්ය රෝහාන් සමරජීව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය. හඩල්ස්පීල්ඩ් විශ්වවිද්‍යාලීය (University of Huddersfield) නියෝජිතයින් ඇතුලු දේශීය හා විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් වීඩියෝ තාක්‍ෂණය තුළින් සමුළුවේ අවසන් දින උත්සවයට සහභාගී විය.

කොළඹ ප්‍රකාශය”  සහ  බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ  (MHEW 2020)පදී ඉදිරිපත් කරන ලද පර්යේෙෂණ පත්‍රිකා පහත වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. http://cabaret.buildresilience.org/2020_Symposium/

Symposium opening  2020-12symposium 2020-12-16 final 02symposium 2020-12-16 final 06

මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප සදහා www.facebook.com/dmc.gov.lk/photos 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052