දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
දිවයින හරහා සක්‍රීය වී ඇති නිරිත දිග මෝස්ම් තත්ත්වය හේත්වෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (30) නිවේදනය කරඇත.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එසේම මේ දිනවල දිවයිනේ සෙයු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 දක්වා තරසක තද සුළං පැවැතිය හැකි බව නිවේදනය කර ඇත.
එසේම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දින (30) වන විට දිස්ත්‍රික්ක 09කට අයත් පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 ක් පීඩාවට පත් වී ඇත. නිවාස හානි සළකා බැලිමේදී නිවාස 03ක් පුර්ණ වශයෙන් හානිය පත් වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 1,757 කි.
කොරියානු මෙරට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (KOICA) ශ්‍රී ලංකා නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂික හ්වැන්ග් සුං හ්‍යුන් (Hwang Sun Hyun) මහත්මිය ඇතුලු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් මැයි 22 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය, තත්කාලීන ආපදා තොරතුරු හුවමාරු ක්‍රමවේද, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධ කරගැනීම මෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතර ආපදා සංනිවේදන ක්‍රමවේද පිළිබද අඛණ්ඩ සහයෝගීතාව ශක්තිමක් කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

නිරිත දිග මෝසම සක්‍රීයවිය හැකි ආකාරය සහ එහි බලපෑම නිසා සිදුවිය හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතන වල පුර්ව සුදානම පිළිබඳව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (05/08) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනු ලබන නමුත් මැයි මස දෙවන සතිය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා සාපේක්ෂ වශයෙන් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බව පෙන්වා දෙන ලදී. නිරිත දිග මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා සහ ඒ සඳහා මුහුණ දිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.
නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා කළමනාකරණය කරගැනීම සඳහා ස්ථාපිත යාන්ත්‍රණයෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂාකිරීම සහ කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී මහජනතාවට සිදූ විය හැකි පීඩාවන් අවම කරගැනීම සඳහා ආයතනික වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරු අභ්‍යාසයක් සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි නිරිත දිග මෝසම් වර්ෂාව බල පෑ හැකි දිස්ත්‍රික්ක වන ගම්පහ, කොළඹ, කළුතර, බදුල්ල, රත්නපුරය, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මුලික කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යාස වැඩසටහන සදහා ජාතික මටිටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා නිළධාරීන් 250 ක් පමණ සහභාගී විය.
පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක්වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන් යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අප්‍රේල් 26 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව්බිමට ළගා වූහ.
මෙම මස මුලදී මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පා අවස්ථාවේදී, ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් 5 වන දින මෙම විශේෂ ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම මියන්මාරය බලා පිටත් වු අතර ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම මියන්මාරයේ නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයක් වන පොබ්බා තිරි (Pobba Thiri) නගරයේ ආපදා සහන සේවා කටයුතු වල නිරත විය.
News & Events
- දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




