2ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් මීරිගම මා ඔය වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.

නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේ දී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ රාජකාරි කටයුතු සිදු කරන 141 සේනාංකයට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගී විය.

IMG-20220323-WA0021රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී යෞවන සමාජ සාමාජිකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන යටතේ පුහුණු වැඩසටහන් 02 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.

නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේදී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි.

 

Awareness Programma 2022  Vdyarathana Pirivena Kaluthara 2අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.

Village committee 2022 Hambantonra Walassmulla 1ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

Village Committee  Kaluthara 2022 Bulathsinhala 2ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ බිම් මට්ටම දක්වා පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052