Discussion on piloting the Tsunami Ready community programme in Sri Lanka  1Tsunami is one of the natural hazards that result in the inundation and/or erosion of coastal land and affect the safety and security of communities, the economies and relevant supporting ecosystems. The Tsunami that devastated Sri Lanka in December 2004 is widely acknowledged as the most extensive and devastating natural catastrophe in the history of the country.

IMG-20220304-WA0031නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රිකයේ දැඩි ආපදා අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම සහ නිරිත දිග මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම පසුගිය දා සිදු කරන ලදී. මෙහි දී ප්‍රජා සහභාගිත්වය ඇතිව ග්‍රාමීය ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුවට අදාලව අනුකමිටු පිහිටුවීම, එම එක් එක් කමිටු සාමාජිකයින්ට අයත් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම තුළින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සවිමත් කිරීම හා හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබදවත් රැස්ව සිටි ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

1st Aid Programme Kegalle 2022 Kudapaluwa 6කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් ජනතාව ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා ආපදා හානි වාර්තා වු කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නාය යෑම් හා ගංවතුර ආපදාවට ලක් වු ග්‍රාම නිළධාරි වසම්වල දැඩි අවදානම් ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව හදිසි ආපදා තත්වයක දී පීඩාවඩපත් පිරිස් සදහා ප්‍රථමාධාර ලාබා දීමේ දී අනුගමන කළ යුතු ප්‍රථමාධාර විධි පිළිබඳ පුහුණු හා දැනුවත් කිරිම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරිණි.

Estate Awareness 3 2022කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විවිධ ආපදා තත්ත්වයන් මත පිඩාවට පත් වී ඇති බව පසුගිය වර්ෂයේ වාර්තා පරිශීලනය කිරිමෙන් නිරික්ෂණය වේ. එම නිසා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිම මෙන්ම විය හැකි ආපදා තත්වයන් කළමනාකරණයේ දී වතු පාලනාධිකාරියේ කාර්යභාරය හා ආපදා අවස්ථාවල දී ජනතාව සුරක්ෂිත කිරිමේ ක්‍රමවේද පිළිබඳව වතු අධිකාරීවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී.

 

Nuwara Eliya Village commitee 2020-04 - 21 2නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052