සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය අද දින (28) තවදුරටත් දීර්ග කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසක් මේ විට එම කලාපයේ ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.
නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි ලෙසක් මේවන විට එම කලාපයේ දීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් වාර්තා වු අතර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින හරහා දැඩි සුළං තත්ත්වයන් වාර්තා වු අතර මේ හේතුවෙන් මිය යාම් 6 ක් වාර්තා වු අතර නිවාස හානිවීම් දේපළ හානි වීම් සහ මාර්ග අවහිරවීම්, විදුලිය දුරකථන සම්බන්ධතා සහ ජලසැපයුම් වැනි යටිතල පහසුකම් බිදවැටීම් සිද්ධි වාර්තා විය. ඇතිවු ආපදා තත්ත්වයන් නිසා ජනජීවිතයට සිදු වූ බාධා හැකි ඉක්මනින් කළමනාකරණය කිරීම සදහා අදාල පාර්ශව කරුවන් සම්බන්ධීකරණය කරමින් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
දැඩි සුළං හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ හොරණ මූලික රෝහලෙහි හදිසි ප්‍රථිකාර ඒකකය ඇතුලු ගොඩනැගිලි කිහිපයක වහල දැඩි හානි සිදු වු අතර මේ හේතුවෙන් රෝහලෙහි ප්‍රථිකාර ලබන රෝගීන් මෙන්ම එහි කාර්ය මණ්ඩලය ද දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.
අද දින (25) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. The National Building Research Organization has issued landslide early warning today. இன்று (25th) தேசிய கட்டிட ஆராய்ச்சி நிறுவனம் மூலம் மண்சரிவு முன்னெச்சரிக்கை அறிவிப்பு வெளியிடப்பட்டுள்ளது (25th).
මේ පිලිබද විස්තර දැනගැනීම සදහා
More information Click Here
மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்
නිරිත දිග මෝසම් කාලගුණක තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතී.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද (22) දින නිකුත් කර ඇති කාලගුණවිද්‍ය නිවේදනය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ තද වැසි වාර්තා විය හැකි බවත් වයඹ පළාත තුළ සහ මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එසේම මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින හරහා දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැක.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002




