“සුනාමියට පෙරහුරුවක් ” උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.
අම්පාර. මුලතිව්, යාපනය දිස්ත්‍රික්ක තුන පාදක කර ගනිමින් සුනාමි ආපදාවන් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වන පාසල් කිහිපයක් තෝරා ගනිමින් පාසල් සුනාමි පෙරහුරු වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි.
මෙහිදි අම්පාර දිස්ත්‍රික්කයේ අල් මහීරා විද්‍යාලයේ ගුරු - සිසුන් 1,500 ක් පමණ හදිසි ඉවත් කිරිමක් සිදුකිරිමද, මුලතිව් දිස්ත්‍රික්කයේ කල්ලපාඩු විද්‍යාලයේ ගුරු - සිසු 800 ක් ආර්. සී. දෙමල මහාවිද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් සිදුකිරිම සහ යාපනය දිස්ත්‍රික්කයේ ශාන්ත මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ගුරු - සිසුන් 2,000 ක් පමණ වඩමවාරච්චි හින්දු විද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් ද සිදුකරන ලදි. තෝරාගත් මෙම පාසල්වලට අමතරව වෙරළබඩ ආසන්නයේ තවත් පාසල් පහකා ගුරුවරුන් සහ සිසුන් කණ්ඩායම් ද සහභාගි කර ගන්නා ලදි.
ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලිය

පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියේ අවසන් අදියරයේ තරඟ ඊයේ (09) දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණට අධික උණුසුම් කාලගුණ තත්වයක්.
මේ දිනවල බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
කුරුණෑගල සුන්නරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ ගිනි ගැනීම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සුන්දරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ පසුගිය දා ගිණ්නක් ඇති විය. මෙම ගින්න පාලනය කිරීම සදහා කුරුණෑගල මහනගර සභාව, කුලියාපිටිය නගර සභාව සහ හලාවත නගර සභාවේ ගිණිනිවින ඒකක සම්බන්ධ වු අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුධහමුදාව, පොලිසිය සහ ගම්වාසින් සම්බන්ධ කරගනිමින් ගිනිපටි සකස් කරමින් කුනු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයට ගින්න ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.
බම්බලපිටිය ප්‍රදේශයේ ඇතිවු ගින්න පාලනය කිරීමට පියවර
අද පස්වරුවේ (28) බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ගිණිනිවීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම ගිනිගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
හදිසි ඇමතුම්
117+94 112 670 002




