අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දී ඇත. විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම්දේ. එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.
ඔබට මේ පිළබදව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැක.
මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තද සුළං සහ රළු මුහුදු ස්භාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින නිවේදනය කර ඇත. මෙම කලාප
සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ජූලි මස 17 වන දින සිට 20 දින දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වු තද සුළං ඇතිවිය හැකි බව බව නිවේදනයේ සදහන් වේ. මේ නිසා මෙම මුහුදු කළාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර ප්‍රජාවට අවවාද කර ඇත. එසේම මෙම මුහුදු කලාපයේ නාවුක කටයුතු වල යෙදෙන පිරිස ඒ පිළිබදව දැඩි අවධාදයෙන් යුතුව කටයුතු කරන මෙන් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
මේ පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය
නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා සහ හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබදව පාර්ෂවකාර ආයතන දැනුවත් කිරීම රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (21) පැවැත්විණි.
මැයි මස අවසන් සතිය තුළ නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එබැවින් පසුගිය තෙවසරක කාලය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව නිසා සිදුවූ ආපදා තත්වය සහ හානි පිළිබදව අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ දී නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා පාර්ෂව කාර ආයතන වල පුර්ව සුදානම පිළිබදව සොයාබැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම අවම කරගැනීම සදහා අවශ්‍ය පුර්ව සැලසුම් සකස් කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ විය.
Climate & Food Security Monitoring Bulletin - SRI LANKA
Department of Meteorology and Disaster Management Centre,
Ministry of Public Administration, Disaster Management and Rural Economic Affairs.
The Department of Meteorology and Disaster Management Center, Ministry of Administration, Disaster Management and Rural Economic Development has been released Climate & Food Security Monitoring bulletin with the technical assistance of the World Food Organization.
Bulletin revealed that Rainfall received to Sri Lanka through April to May 2019 was below normal, which was verifying the forecasts issued at the beginning of April. Temperatures were above normal as predicted, and frequent heat weather advisories and precautions were issued.
වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනයක්.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට(18) යෙදී ඇත. ලොවුතුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් පොහොය දිනක යෙදී ඇති බැවින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරනු ලබයි.
News & Events
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්‍රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ නායයෑම් අවදානම නිරීක්ෂණය කර ජනාතගේ ආරක්ෂාව තහවුරු කරයි.
හදිසි ඇමතුම්
117+94 112 670 002