pay condolence 2019 අප්‍රේල් 21 දින දිවයිනේ ස්ථාන කීපයක සිදුවු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රජය විසින් අද (23) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර 23 දින උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට කටයුතු කරන උපදෙස් ලබාදී තිබිණි.

National logo2019 අප්‍රේල් මස 21වැනි දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශොකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු අතර කාර්යාල ආරම්භයේ දී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙස රජය දන්වා සිටියි.
සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා එක්වන ලෙසත් රජය ඉල්ලා සිටියි.

2019.04.05 Emergency Responseපසුගිය වසර 30 තුළ රිය අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව යුද්ධය නිසා පුරා වසර 30 ක් තුළ මිය ගිය සංඛ්‍යාවට ඩවා වැඩි යැයි රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. හදිසි අනතුරු නිසා වාර්ෂිකව 3000 ක් පමණ පිරිසක් මිය යන බවත් ඒ ප්‍රමාණය සළකාබැලිමේ දී පසුගිය වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී ගැටුම් නිසා මිය ගිය පිරිසට වඩා වැඩි බවත් මහමග අනතුරු සහ දියේ ගිලීම් වලින් සිදු වන මිය යාමි අඩු කර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන්ම මෙම උත්සව සමයේ පිටපළාත්වලට ගොස් විනෝදවීමේ දී මේ පිළිබදව අවධානය යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. අමාත්‍යතුමා මෙම අදහස් පල කරන ලද්දේ රුපියල් මිලියන 300 ක වියදමින් හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සදහා මිලදී ගත් හදිසි ආපද ප්‍රතිචාර මෙවළම් ඒ ඒ අංශ සදහා බෙදා දීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද දින (10) සංවිධානය කර තිබු උත්සවය අමතමිනි. හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය බෝට්ටු, බෝට්ටු එංජින්, වතුර මෝටර්, ජන ඇමතුම් කට්ටල, ගංවතුරට ගොදුරුවු පුද්ගලයින් බේරාගැනීමේ කඹ, කැටමරං ඇතුලු උපකරණ බෙදා දීම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික් වල අවශ්‍යතාවය අනුව සියලු දිස්ත්‍රික්ක සදහා මෙන්ම ආපදා හදිසි මෙහෙයුම් වලදී භාවිතා කිරීමට ත්‍රිවිධ හමුදාව වෙත මෙම උපකරණ බෙදා දීම සිදු කරන ලදී.

 

gV4ke9akකොළඹ ප්‍රධාන හෝටල් තුනක් වන සිනමන් ග්‍රැන්ඩ්,සැන්ග්‍රිලා,කිංස්බරි යන හෝටල් තුළ සහ කටාන,කොච්චිකඩේ සහ මඩකළපුව ප්‍රදේශවල දේවස්ථාන තුනකත් පිපිරීම් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් තහවුරු විය. තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතරපිපිරීම හේතුවෙන් පුද්ගල මරණයට පත්වීම් ද වාර්තා වේ.

මෙම සංවේදී අවස්ථාවේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා මහජනතාව ගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටී.එසේම මෙම සිද්ධීන් සම්බන්ධව විවිධ ප්‍රචාර වලට කලබලයට පත් නොවී සන්සුන්ව කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

press 2019.04.05 04වනාන්තර ගිණි ගැනීමක් හඳුනාගත් ඕනෑම අවස්ථාවක හැකි ඉක්මනින් වගකිය යුතු ආයතන දැනුවත් කරන ලෙස අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අඹේගුණසේකර මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදි. තවද වනාන්තර ගිණි තැබීම් සඳහා රු.ලක්ෂයේ සිට ලක්ෂ පහකට නොවැඩි දඩයකට යටත් වන බවත් හුදෙක් දඩුවමකට වඩා දැනුවත් කිරීම තුළින් වනාන්තර ආරක්ෂා කළ යුතු බවත් අතිරේක වන සංරක්ෂණ ජනරාල්තුමා පෙන්වා දෙන ලදි.
එසේම දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස වනානතර ගිණී තැබීම් හඳුනා ගෙන ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තු දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධීකරණය කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන ලදි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052