ආපදා කළමානාකරණ මධ්‍යස්ථායේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට

dONATIONආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමාත්‍යාශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දීන (27) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අදාල චෙක් පත කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත ලබා දෙන ලදී.

 

නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණය කර ගැනීම

dg dmc 2020කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන ලෙසත් ඒ අයට ද ආපදාවට ලක්වීම නිසා ලබා දෙන වියලි සලාක වැනි සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.

වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද ජනතාව විමසිලිමත් විය යුතු යි.

DG NBROකොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි නාය යාම් අවධානම පිළිබදව සැළකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය

දැනට පවතින වැසි තත්වය තවදුරටත්

dg met  2020කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණී.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

 

වර්ෂාව ඇතිවුව හොත් ගංගා ද්‍රෝනි කීයකට ගංවතුර අවදානම පවතී

DirectoIrrකොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

පසුගිය කාලය තුළ පැවති වර්ෂාපතනය නිසා ගංගා පෝෂක ප්‍රදේශවල පාංශු ස්ථර ජලයෙන් සංතෘප්ත වී තිබීම සහ ගංගාවල ජල මට්ටම් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් පැවතීම නිසා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසී ය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052