මාවතගමින් හමුවුයේ කාන්තාර පලගැටියා නොවුනත් අවධානය යොමු කිරීම අවශ්‍යවේ.

Grasshopper risk 2020 Kurunegalaපසුගිය දා මාවතගම ප්‍රදේශයෙන් හමුවු පලගැටි සේනාව කාන්තාර පලගැටියා නොවන බවත් නමුත් මේ පිළිබදව අවධානය යොමු කිරීම අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

එසේම පසුගිය දා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් විරකෝන්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යනාංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුලු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලදී.

පලගැටි උවදුර මෙරට පැවති උවදුරු තත්වයක් වන අතර විවිධ පළගැටි විශේෂ මෙරට ජීවත් වී ඇති අතර මෙම විශේෂ සියල්ල ශාක භක්ෂක විශේෂ වේ. නමුත් දේශගුණික විපර්යාස තුළ පළගැටි විශේෂ වර්ධනය අසාමාන්‍ය ආකාරයෙන් සිදුවී ඇතැයි කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

 

සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම්වල දීභාවිතා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ආධාර.

UNDP-Donation 2020නිරිත දිග මෝසම් වර්ෂාව නිසාඇති විය හැකි ආපදාවල බලපෑමට ලක්වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබ වැඩි අවධානයක් යොමු කීරීමට කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ මෙවර සිදු වී ඇත. එහෙයින් ආපදාවට ලක්විය හැකි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා සහයෝගය ලබාදීමේ වැදගත් කම පිළිබව පාර්වශකාර ආයතන වල අවධානය යොමු කරවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම් සදහා භාවිතා කිරීමට අවශ්‍ය ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 30 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේනියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එපෙන්දි (Faiza Effendi) මහත්මිය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා වෙත පසුගිය දා භාර දෙන ලදී.

 

ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන වල ප්‍රධානීන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී ඊයේ දීන (27) පැවැත් විණි.

නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතී.

South West Monsoonනිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කලාපයේ පවතින වැසි තත්වය තදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (29) නිවේදනය කර ඇත.

බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතුම් ස්ථාන වල වැමි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බවත් විශේෂයෙන්ම කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම අද දින සිදු කරන ලදී.

Rathnapura 04-1ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේඉදිරියේ මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ආපදාවලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමසහ ගංවතුර අවදානම් නිවාස හදුනා ගැනීමට කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැළසුම් කරන ලදී. ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීමේ ස්ටිකර් හා අත්පත්‍රිකා මුද්‍රණය කර නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ආපදා ඇති විය හැති දිස්ත්‍රික්ක වෙත බෙදා දීමට කටයුතු කරන ලදී.

මෙම වැඩ සටහන යටතේ රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම සහ අධි අවදානම් නිවාස සළකුණු කිරීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් අද දින (28)සිදු කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052