හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි ලබාදීම.

 

Distribution of water storage tank  5අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි බෙදාදීම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

 රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

flood monitoting system-Rathnapur 2020-01-25  1නිරන්තරයෙන් ගංවතුර අවදානමට පාත්‍රවන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවදානම් කලපාවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබදව දැනගැනීමට හැකිවන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කර තිබේ.

Hambantota mayura pura tank  8පසු ගිය දින වල පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජලාශ පිරී ගොස් ඇති බැවින් ඇතැම් ජලාශ බැමි අස්ථාවර වීම්, ජලය කාන්දුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක් නිරීක්ෂණය වුව හොත් ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාරකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කොහොලංගල ග්‍රාම නිලධාරී වසමේ පිහිට් මයුරපුර කුඩා වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග වැවි බැමිමේ කුඩා ජල කාන්දුවක් පසුගිය දා සිදු නිරීක්ෂණය වීමත් සමග හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට නාගරවැව පිහිටි 122 යුධ හමුදා බලසේනාවේ හමුදා නිළධාරීන් සහ භට පිරිසකගේ සහය ඇතිව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරී ලෙස වැඩි ජලය ඉවත් කිරීමට හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

ඒ අතරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි බටහිර වාරිමාර්ග කලාපයට අයත් කාන්තන්කුලම් වැවේ ඇති වී ඇති ජල කාන්දුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ කිලිනොච්චි ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු සම්බන්ධීකරණය කෙ‍ෙරමින් පවතී.

Hambantota mayura pura tank  6Killinochchiya Kantan kulam  3Killinochchiya Kantan kulam  7

ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය.

Gampola arny 2020 -1ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් පාඨමාලාවේ අංගයක් වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදවත් හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදවත් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගිග දැනුම ලබාගැනීමේ අරමුණින් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

new year 2021 52021 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සියලු දෙනා තම වෘත්තීය තුළ දැනුමින් සපිරි වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීමත් තමා තමාටම අවංක වී ආයතනය තුළ රාජකාරි කිරීමේ වර්ෂයක් වේවා යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2021 වර්ෂය සදහා රාජකාරී ආරම්භ කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052