අත්තනගලු ඔය ද්‍රෝනියට ගංවතුර අවදානමක්
ඊයේ දින රාත්‍රී අත්තනගලු ඔය ද්‍රෝනියේ ඉහළ ජලාධාර ප්‍රදේශයට ඇදහැලුනු තද වර්ෂාව හේතුවෙන් ඉහළ ධාරා ප්‍රදේශයේ සමහර ස්ථාන සුලු ගංවතුර තත්වයක් වාර්තාවන බවත් වර්ෂාපතනය පහව ගොස් පැවතිය දඉහළ ද්‍රෝනියේ ජලය පහළට ගලා ඒම හේතුවෙන් අද (7) රාත්‍රිය වන විට පහළ ද්‍රෝණියේ ඇතැම් පහත් බිම් ප්‍රදේශවල සුලු ගංවතුර තත්වයක් වාර්තාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම ගම්පහ - ජාඇල මාර්ගය සහ කිරිදිවිට - ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවත් අද දින රාත්‍රියේ ද යම් වර්ෂාවක් ඇතිවුව හොත් මෙම තත්වයේ වැඩි්වීමක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
දිවයින වටා මුහුද රළුවිය හැක.
2020 සැප්තැම්බර් 06 දින සිට 07 දින දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සුළගේ වේගය වැඩිවීමත් සමග මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
නිවි ඩයමන්ට් ඉන්ධන නෞකාව ගින්න නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම පිළිබද සාකච්ඡාව
“නිවි ඩයමන්ට්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිණිගැනීම නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම සදහා ඉදිරියේ දී ගතයුතු පියවර පිළිබද සොයා බැලේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය,සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරීය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුවසහ ධීවර දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්ගේ මුලිකත්වයෙන් මෙම ගිනිගැනීම නිසා සිදුවිය හැකි හානි වළක්වාගැනීම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අද දින සාකච්ඡා කරන ලදී.
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (05)නිවේදනය කර ඇත.
අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.
දෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් 08 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කරයි. මේ නිසා දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වේ.මෙම කාල සීමාව තුළ අධික හිරැ රෂ්මිය නිසා ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
அவசர தொடர்புகள்
117+94 112 670 002




