ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

DirectoIrrඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ගංගා ද්‍රෝණි රැසක ගංවතුර ආපදා තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තර ගග, ගිං ගඟ, නිලවලා ගඟ සහ කිරම ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.

විශේෂයෙන්ම පසුගිය සතිය තුළ ඇතිවු වර්ෂාපතනය හේතුවෙන් දිවයිවනේ බොහෝ ජලාශ ජලයෙන්පිරී ඇති බවත් විශේෂයෙන්ම දැදුරු ඔය ජලාශය, උඩවලව ජලාශය සහ ඉගිනිමිටිය ජලාශය මේ වනවිටත් උපරිම ධාරිතාවයට ලගාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ඉදිරියේ දී වර්ෂාවත් සමග මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය

 

Bad weather bay of bengolබෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා  දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කළ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 - 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.

Disaster Management Centre to the Fore in Facilitating Public Private Partnership (PPP) in COVID-19 Response

DMC to the Fore in Facilitating Public Private Partnership  in COVID-19 Response 4In response to the 3rd Wave of the COVID -19 pandemic, HSBC Sri Lanka donated Rs. 8 Million worth of medical equipment including ventilators and oxygen machines to the health sector. The initiative was facilitated under the leadership of the Disaster Management Centre (DMC) and A-PAD Sri Lanka.

 

The latest Climate and Food Security Monitoring Bulletin

Climate and Food Security Monitoring Bulletin 2021The latest Climate and Food Security Monitoring Bulletin looks into the key aspects of climatic seasonal trends and their impact on the population and food security during the fourth quarter of 2020 and 1st quarter of 2021, and climate outlook for 2021 “Yala” cropping season. It further highlights on status of water, agriculture, health and social impacts of the situation during this period.

ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අඩුපීඩන කලාපය පිළිබද  නිවේදනය

The Advisory for Cyclonic Storm FANI 2019බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මැයි මස 23 වන දින වන විට අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් මැයි 21 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තුළ ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවුක සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052