කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් ජනතාව ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
ඒ අනුව පසුගිය වර්ෂයේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා ආපදා හානි වාර්තා වු කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නාය යෑම් හා ගංවතුර ආපදාවට ලක් වු ග්‍රාම නිළධාරි වසම්වල දැඩි අවදානම් ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව හදිසි ආපදා තත්වයක දී පීඩාවඩපත් පිරිස් සදහා ප්‍රථමාධාර ලාබා දීමේ දී අනුගමන කළ යුතු ප්‍රථමාධාර විධි පිළිබඳ පුහුණු හා දැනුවත් කිරිම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරිණි.
නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
වසරක පුහුණුව අවසානයේ ගොවිජන සේවා, ප්‍රාදේශීය වාරි, වනජීවි, සුළු අපනයන භෝග ප්‍රවර්ධන ආදී ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ක්ෂේත්‍ර වල රාජකාරී ඉටු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති රාජ්‍ය සේවයේ තනතුරු සදහා බදවා ගත් බදුල්ල දිස්ත්‍රික්කයේ නවක උපාධිධාරීන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කෙරිනි.
ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයෙහි මුලික සන්නිවේදන සුදුසුකම් පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (04) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්‍රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් හට ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බදුල් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
அவசர தொடர்புகள்
117+94 112 670 002




