ඉදිරියේ දී ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යසථානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2021 නොවැම්බර් මස 16 වන දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසර වල දී ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් එලඹෙන මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම මෙම දැනුවත් කිරීමේ මූලික අරමුණ විය.
අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ජාතික ශිෂ්‍යබට බලකාය සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අද දවසේ පාසල් සිසුන් හෙට දවසේ රටේ වගකීම් දරමින් සමාජගත වන පුරවැසියන් වන බැවින් ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සදහා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා අන්තර් ග්‍රහණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
උක්ත වැඩසටහන ක්‍රියාත්මක් කිරීම පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනය ප්‍රධානීන්ගේ සහ කේන්ද්‍රීය නිළධාරීන් ඇතුලුව එම ආයතන පළාත් බද නිලධාරීගේ සහභාගීත්වයෙන් අද මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දින (16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.11) කටයුතු කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ ආපදා අවදානම් සුරක්ෂිත නිවාස ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම ද සිදු කළ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වු ජනතාවට රජයේ වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ සහ පුනුරුත්තාපන කටයුතු කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා නුවරඒලිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.12) කටයුතු කරන ලදී.
නුවරඒලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් ආපදා අවම කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නුවරඒලිය නගරාධිපති සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නුවරඑලිය නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල හානියට හානියට පත් වු නිවාස සහ යටිතල සහසුකම් සහ ඒම ප්‍රදේශවල ගංවතුර අවදානම සදහා බල පා ඇති සාධක පිළිබදව සොයා බැලීම සිදු කරන ලදී.
මෙහි දී නගරයේ ගංවතුර අවදානම අවම කිරීම සදහා පළාත්පාලන ආයතනය සමග දිගුකාලීන ඒ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබදව නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
මෙවර ආපදා තත්වය ක්‍රමිකව ඇති වු තත්වයක් බවත් ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් කටයුතු කළ අතර විශේෂයෙන් ම ආපදා අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂා කාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බැවින් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) දින පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ අදහස් පල කරන ලදී.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
அவசர தொடர்புகள்
117+94 112 670 002