දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (23) නිවේදනය කරයි.
වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
ඉදිරියේ දී ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යසථානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2021 නොවැම්බර් මස 16 වන දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසර වල දී ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් එලඹෙන මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම මෙම දැනුවත් කිරීමේ මූලික අරමුණ විය.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා නුවරඒලිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.12) කටයුතු කරන ලදී.
නුවරඒලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් ආපදා අවම කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නුවරඒලිය නගරාධිපති සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නුවරඑලිය නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල හානියට හානියට පත් වු නිවාස සහ යටිතල සහසුකම් සහ ඒම ප්‍රදේශවල ගංවතුර අවදානම සදහා බල පා ඇති සාධක පිළිබදව සොයා බැලීම සිදු කරන ලදී.
මෙහි දී නගරයේ ගංවතුර අවදානම අවම කිරීම සදහා පළාත්පාලන ආයතනය සමග දිගුකාලීන ඒ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබදව නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ජාතික ශිෂ්‍යබට බලකාය සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අද දවසේ පාසල් සිසුන් හෙට දවසේ රටේ වගකීම් දරමින් සමාජගත වන පුරවැසියන් වන බැවින් ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සදහා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා අන්තර් ග්‍රහණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
උක්ත වැඩසටහන ක්‍රියාත්මක් කිරීම පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනය ප්‍රධානීන්ගේ සහ කේන්ද්‍රීය නිළධාරීන් ඇතුලුව එම ආයතන පළාත් බද නිලධාරීගේ සහභාගීත්වයෙන් අද මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දින (16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.11) කටයුතු කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ ආපදා අවදානම් සුරක්ෂිත නිවාස ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම ද සිදු කළ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වු ජනතාවට රජයේ වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ සහ පුනුරුත්තාපන කටයුතු කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අධ්යක්ෂ ජෙනරාල්තුමා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
News & Events
- Training Programme on Mainstreaming Disaster Risk Reduction
- කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් දැනුවත් කිරීම.
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
அவசர தொடர்புகள்
117+94 112 670 002