ආපදා අවදානම් කළමනාකරණය සඳහා සංඛ්‍යාත්මක හා අවකාශීය දත්ත භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් 2025 අගෝස්තු මස 20 සහ 21 දිනවලදී ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.රාජ්‍ය අංශ නියෝජිතයින් සහ 21 පුද්ගලික අංශ නියෝජිතයින් සඳහා පැවැත්වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ආපදා අවදානම් අවමකිරීමේ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කිරීමයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ස්විස්ටර්ලන්ත රජයේ ආධාර සහ තාක්ෂණික උපදේශකත්වය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ(OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට(INSARAG) අනුකූලව මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2024 වර්ෂයේදී ආරම්භ කරන ලදී.
මෙම පුහුණු වැඩසටහනට සමගාමීව අධි තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ සෙවීම් මුදවාගැනීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 11.2 ක පමණ වටිනාකමින් යුත් සෙවීම් සහ මුදාගැනීමේ කැමරා කට්ටල (FL360LR USAR) දෙකක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතනය(SDC) විසින් කටයුතු කරන ලදී.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසු දරුවන් හට මුහුණු දීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම පිළිබඳව අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරයයන් පිළිබදව දැනුවත් කිරීමත් සිදු කරන ලදී. එ් අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකක විවෘතව තැබෙන අතර ආපදා හේතුවෙන් යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට දැනුම් දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගක හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත.
කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තිරසර සහයෝගීතාව තුළින් ජාතික පෙරසූදානම් හවුල්කාරිත්වයන්ගේ අනාගතය දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කරන ලද ආසියානු පෙරසූදානම් සහයෝගිතාවයේ කලාපීය සමුළුව කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පසු ගිය දා පැවැත්විනි.
දේශගුණික විපර්යාස සිදු කරනු ලබන බලපෑම සහ ඊට ඔරොත්තුදීමේ වැදගත්කම අවධාරණය කරමින්, දුෂ්කරතා විඳදරාගන්නා ප්‍රජා අත්දැකීම් පෙන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝග පිළිබඳව මෙම ප්‍රතිපත්තිමය සාකච්ඡාවට සහභාගී වෙමින් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමන්ද්‍ර මහතා අවධාරණය කරන ලදී. ආපදා පෙරසූදානම සහ ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලිය තුළ ප්‍රජා-මූලික ප්‍රවේශ සවිබලගැන්වීම, ප්‍රාදේශීය නායකත්වය සහ දේශීය දැනුම ඒකාබද්ධ කිරීම සඳහා පෙනී සිටීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙහිදී අවධාරණය කරන ලදී.
එසේම වඩාත් ප්‍රත්‍යස්ථ සමාජයක් ගොඩනැගීම සඳහා ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව, කලාපීය දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම සහ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගවල වැදගත්කම ආමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
ජාතික ආරක්‍ෂාව සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ දේශගුණික ඔරොත්තුදීමේ තීරණාත්මක කාර්යභාරය, ස්වාභාවික හේතුන් මත හා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපද්‍රව ආර්ථික ස්ථාවරත්වයට සහ සංවර්ධනයට බරපතල අභියෝග එල්ල කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
The eighth session of the Global Platform for Disaster Risk Reduction (GP2025) was held from June 2 to 6, 2025, in Geneva, Switzerland, bringing together global leaders, policymakers, practitioners, and stakeholders to advance collective strategies for reducing disaster risks and enhancing resilience. Sri Lanka was represented by a national delegation led by Major General (Retd) Sampath Kotuwegoda, Director General of the Disaster Management Centre.
The overarching theme of GP2025, “Prioritizing gender equality, accessibility, and inclusion to leave no one behind”, was emphasized throughout all segments of the event — from preparatory meetings and high-level plenaries to learning labs and side events. The platform underscored that while disasters impact all communities, their effects are disproportionately borne by vulnerable populations, including women, persons with disabilities, older persons, and marginalized groups.
GP2025 placed inclusion at the heart of resilience-building and reaffirmed that effective disaster risk reduction (DRR) strategies must address the diverse and evolving needs of all sectors of society. The sessions highlighted the importance of inclusive policy frameworks, community engagement, and adaptive systems that ensure equitable participation in prevention, preparedness, response, and recovery efforts.
Sri Lanka’s active engagement at GP2025 reinforced the country's commitment to aligning with global DRR frameworks, particularly the Sendai Framework, and to ensuring that no one is left behind in building a safer, more resilient future for all.



News & Events
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
- ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව කොළඹ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
அவசர தொடர்புகள்
117+94 112 670 002




