නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම තුළ මේ දිනවල මධ්‍යම පළාත ඇතුලු දිවයිනේ නිරිතදිග කොටසෙහි පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ඇති වී ඇති ආපදා අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් මෙවර (2026) උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් සම්පත් කොටුවේගොඩ මහතාගේ උපදෙස් මත මෙම විශේෂ ඒකාබද්ධ වැඩසටහන පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ඊයේ දින (08/05) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.
ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය යටතේ ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාර හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජීවිතාරක්ෂක වායුපිරවූ (Rescue Inflatable) ගලවා ගැනීමේ බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයවෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 ජූලි 28 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ඉන්දීය සාගර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු විශේෂ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටිම් වොට්ස් (Hon. Tim Watts MP, Special Envoy for Indian Ocean Affairs) විසින් එම ජීවිතාරක්ෂක බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සමාජයක්, පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් සහ තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා යටතේ මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ආචාරධාර්මික වටිනාකම් සහිත රාජ්‍ය සේවකයන් බිහිකිරීමයි.
ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම් හා ගලවා ගැනීමේ (Search and Rescue) මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් පරිත්‍යාග කරන ලද මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 ජූලි 28 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී The Church of Jesus Christ of Latter-day Saints හි ආසියානු කලාප සභාපති කෙලී රේ ජොන්සන් (Kelly Ray Johnson – Asia Area President, Hong Kong), මිකී ලූ විං චුන්ග් (Mr. Lu Wing Chung Mickey – Director, Temporal Affairs) සහ එම සංවිධානයේ නියෝජිතයින් විසින් මෙම උපකරණ තොගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අංක 13 දරන 2005 හි 10 වන වගන්තියට අනුව, සියලු අමාත්‍යාංශ සහ ඒවා යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන විසින් ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (Institutional Disaster Management Plans - IDMPs) සකස් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව, එම ක්‍රියාවලිය කඩිනමින් හා විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සියලු රේඛීය අමාත්‍යාංශ දැනුවත් කිරීමේ සහ සම්බන්ධීකරණ රැස්වීමක් 2026 ජූලි 23 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
හදිසි ඇමතුම්
117+94 112 670 002




