අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමට අයත් ආන්දල් ඔයෙහි කෘෂිකාර්මික අමුණ කැඩී ජලය කාන්දු වන මට්ටමට පත්ව ඇති අතර මෙය තවදුරටත් පැවතියහොත් ගංගා නිමිනයේ පහළ ප්‍රදේශ වල ජීවත්වන ජන ජීවිත වලට සහ දේපළ වලට හානි සිදු විය හැකි බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍යය කටයුතු සොයා බැලීම සදහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, ගරු කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර සහ ගරු පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍යය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම යන අමාත්‍යතුමන්ලා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.
මෙහිදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා ගේ උපදෙස් මත යුධ, නාවික හමුදා භට පිරිස් සම්බන්ධ කර ගනිමින් අදාල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජනතාවගේ හා දේපල වල ආරක්ෂාව තහවුරු කිරීමටත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සංරක්ෂණය කිරීමටත් මෙ මගින් හැකි විය.
24 වන බල සේනාංකාධිපති, නැගෙනහිර නාවික අඥාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා හා නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.

 

Emergency Preparedness and Coordination Meeting for upcoming South-West Monsoon, 2018 was conducted with the meteorological forecast, as expecting the on-set of the south-west monsoon by the mid of May 2018.

2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත. සුනාමි ව්‍යසනය සිදු වී වසර 13 ක් ගත වූ 2017.1226 දින සර්ව ආගමික වැඩසටහන් සහිතව ජාතික සුරක්ෂිතා දින ජාතික වැඩසටහන ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වැත්විණි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය යෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සිකුරාදා (12) සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 208 ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 463කි.

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.09.29 දින අනුරාධපුර ග්‍රෑන්ඩ් ක්‍රවුන් හෝටලයේ දී පැවැත්විණි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052