Badulla Visit 6පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.11) කටයුතු කරන ලදී.

 

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ ආපදා අවදානම් සුරක්ෂිත නිවාස ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම ද සිදු කළ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වු ජනතාවට රජයේ වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ සහ පුනුරුත්තාපන කටයුතු කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

 

 

Badulla Visit 2Badulla Visit 4Badulla Visit 7

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052