Press Con - 2020-11-10 Aderse Weather  8මෙවර ආපදා තත්වය ක්‍රමිකව ඇති වු තත්වයක් බවත් ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් කටයුතු කළ අතර විශේෂයෙන් ම ආපදා අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂා කාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බැවින් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) දින පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යක්ෂ ‌ජෙනරාල්තුමා මේ අදහස් පල කරන ලදී.

 

 

පසුගිය දින දහය තුළ ලංකාවේ දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 126 ක් මෙම ආපදා හේතුවෙන් බලපෑමට ලක් වී ඇති බවත් ඒසේම පුද්ගලයින් 20 ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඒක් අතුරුදහන් වීමක් වාර්තා වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැවසීය. මෙම මියයෑම්වලින් 13 ක් දියේ ගිලී මිය යෑම් වශයෙන් වාර්තා වන බවත් ඒය වළක්වා ගත හැකි මියයාම් බවත් සැඩපහර පිළිබදව දැනුවත් භාවයෙන් යුතුව අපරීක්ෂාකාරීව ජල මාර්ගවල පිහිනීම, පාරු පැදීම වැනි අවදානම් ක්‍රියා හේතුවෙන් සිදුවී ඇති බව මරණ බව මිය යාම් පිළිබද වාර්තා පරීක්ෂා කරන විට පෙනී යන බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

 

 

එසේම මෙම අපදාතත්වය හේතුවෙන් අවදානමට පවුල් 384 ක පුද්ගලයින් 1498 ක සංඛ්‍යාවක් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත් එසේම පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආපදා අවස්ථාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාම වෙනුවට ඥාතී නිවෙස් හෝ හිතවතුන්ගේ නිවෙස් වෙත යාමට හැකි පිරිස ඒම ක්‍රමවේදය අනුගමන කිරීම සම්බන්ධයෙන් කළ දැනුම් දීම අනුව ඒම පවුල් 1020 ක පුද්ගලයින් 3,537 ක් ඥාතී නිවෙස් හෝ හිතවතුන්ගේ නිවෙස්වල ජීවත් වන බව පෙන්වා දෙන ලදී. පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 17,481 ක පුද්ගලයින් 62,247 ක් බලපෑමට ලක් වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තවදුරටත් පෙන්වා දෙන ලදී

 

ආපදාවට ලක් වු පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමට ජාතික ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් අදාල සම්බන්ධිකරණය දිස්ත්‍රික් ලේකම්වරු මහින් සිදු කරන බවත් ඒසේම සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කරන අතර සෙවීම් මුදවා ගැනීම් සදහා අතිරේක හමුදා කණ්ඩායම් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවත් පැවසීය

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052