පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෑම දිස්ත්‍රික්කයකටම යවා ඇති බවත් හදිසි ආපදා තත්වයක දී පුර්ව දැනුම්දීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම සදහා අවශ්‍ය සියලු යාවත්කාලීන කිරීම් සිදු කර ඇති අතර නිරිතදිග මෝසම් වර්ෂාවේ බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන්හි පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීම සදහා ආපදා පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සකස්කර ඇත.
නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සිංහල/ දෙමළ පිටුව 01 සහ 02
කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබද මාර්ගෝපදේශ