නිරෝධායනය වන නිවෙස්වල ජනයා ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා විශේෂ වැඩපිළිවලක්.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා හේතුවන් විපතය පත් විය හැකි හෝ අවදානම් කලාපයක ජීවත් වන නිරෝධායනට ලක් වු පිරිස සුරක්ෂිතව එම ස්ථාන වලින් ඉවත් කිරීමේ වැඩ පිළිවළක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාක්මක කර ඇති බවත් එසේ ඉවත් වීම පිළිබදව යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 ට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධයස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ අදහස් පල කරන ලදී.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැඩි අවදානයෙන් පසුවන බවත් අපදා හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම් සහ මුදවා ගැනීම් සදහා අවශ්‍ය ත්‍රිවිධ හමුදා අනු කණ්ඩ මේ වන විටත් අවශ්‍ය උපකරණ සහිතව ස්ථාන ගත කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එසේම පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෑම දිස්ත්‍රික්කයකටම යවා ඇති බවත් හදිසි ආපදා තත්වයක දී පුර්ව දැනුම්දීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම සදහා අවශ්‍ය සියලු යාවත්කාලීන කිරීම් සිදු කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය පවස යි.
එසේම නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමානරකණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේකය