තිස්සමහාරාම රාජ්‍ය ආයතන සදහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලංකා බැකුව, විදුලි බල මන්ඩලය සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරිවරු ඇතුලු රාජ්‍ය ආයතන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගීවිය.