2024-03-11 Meeting with WFP officers  DG office 14ලෝක ආහාර සංවිධානයේ පූර්වාපේක්ෂක ක්‍රියාමාර්ග වැඩමුළුව සඳහා වන කලාපීය උපදේශිකා සුමයියා කාබීර් (Sumaiya Kabir) සහ මෙරට ක්‍රියාත්මක ආපදා ප්‍රත්‍යස්ථතා, හදිසි පෙරසුදානම් සහ සමාජ ආරක්ෂණය ප්‍රධානී රුෂිණි පෙරේරා යන මහත්මියන් ගේ ප්‍රධානත්වයෙන් යුතු ලෝක ආහාර සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් මාර්තු 11 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනෙරාල් හමුවිය.

ලෝක ආහාර සංවිධානය ආපදා කළමනාකරණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ප්‍රධාන පාර්ශව කාර ආයතනයක් වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරන සංවිධානයකි. එබැවින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයාට සුබ පැතීම සහ එම සංවිධානය විසින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. එ් අනුව “ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය හා ස්වාභාවික ව්‍යසන සඳහා කාර්යක්ෂම ආපදා කළමනාකරණය” යන විෂය ක්ෂේත්‍රය යටතේ 2024 වර්ෂය සඳහා ලෝක ආහාර සංවිධානයෙහි ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.

එහිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛතාවයට අනුකූලව සහයෝගීතාවය දැක්විය යුතු අංශ කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ අතර අදාළ කාල රාමුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවදානය යොමු විය.

2024-03-11 Meeting with WFP officers  DG office 162024-03-11 Meeting with WFP officers  DG office 272024-03-11 Meeting with WFP officers  DG office 41

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052