DMC NEW DG ASINGE DUTIES 2024 2ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා අද දින (07) වැඩ භාරගන්නා ලදී. වසර 34 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා ඉන්දියාවේ ඔස්මානියා (Osmania) විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව කළමනාකරණය පිළිබද පශ්චාද් උපාධිය හිමිකරගෙන ඇත. එසේම ඉන්දියාව, බංගලිදේශය, පාක්ස්ථානය, කෙන්යාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් වෘත්තීය අධ්‍යාපනය හදරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පීඨයයෙහි පීඨාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.

වසර 34 ක සේවා කාලය තුළ 52, 53 සහ 61 වන සේනාංකවල සේනාංකාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අණදෙන නිලධාරී, යුධ සේවා ලේකම්, යුධ හමුදා පුහුණු විධාන අධ්‍යක්ෂ සහ සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMIS) හමුදා නිරීක්ෂක නිලධාරියා වශයෙන් ද කටයුතු කර ඇත. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ විවිධ ක්ෂේත්‍රයන්හි තනතුරු රාශියක් දරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා රණවික්‍රම පදක්කම් 05 ක්, රණශූර පදක්කම් 02 ක්, විශිෂ්ට සේවා විභූෂණ සහ උත්තම සේවා ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇති යුධ හමුදාව තුළ විවිධ පරාශයන් තුළ වගකීම් දරා ඇති ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරේ වැඩ භාර ගනිමින් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික වගකීම ඉටු කිරීමේ දී සියලු කාර්ය මංඩලය කණ්ඩායමක් ලෙස ඒකායන අරමුණින් යුක්තව වැඩ කිරීමේ වැදගත් කම සහ ආපදා අවස්ථාවේ දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට වඩා වාඩාත් ප්‍රායෝගික ආකාරයෙන් යුතුව ආපදා පුර්ව සුදානම් ක්‍රියාමාර්ග ගැනීම සහ නිසි ආපදා අවම කිරීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම මගින් ආපදා අවදානම් අවම කිරීම සදහා වන ක්‍රියාමාර්ග ගැනීම වඩා වැ දගත් බව නව අධ්‍යක්ෂ ජනෙරාල්වරයා පෙන්වා දෙන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. යූ ජයසේකර යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

DMC NEW DG ASINGE DUTIES 2024 7DMC NEW DG ASINGE DUTIES 2024 4DMC NEW DG ASINGE DUTIES 2024 8

DMC NEW DG ASINGE DUTIES 2024 1DMC NEW DG ASINGE DUTIES 2024 5DMC NEW DG ASINGE DUTIES 2024 3

DMC NEW DG ASINGE DUTIES 2024 16DMC NEW DG ASINGE DUTIES 2024 17DMC NEW DG ASINGE DUTIES 2024 12

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052