2024-02-19 Swedens mission  9අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම ස්විස්ටර්ලන්ත රජයේ අනුග්‍රහය ලබාදීමට එකඟත්වය පළ කරන ලදී.

ඒ අනුව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ආපදා තත්වයකදී ප්‍රතිචාර දැක්වීමට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට (INSARAG) අනුකූලව සෙවීම් හා මුදවා ගැනීමේ සැහැල්ලු කණ්ඩයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික පදනම සහ පුහුණුව ලබා දීම සදහා වු එකඟතා ගිවිසුමකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අත්සන් තැබීම 2024 පෙබරවාරි මස 19 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

මෙම එකඟතා ගිවිසුම සදහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය වෙනුවෙන් ස්විස්ටර්ලන්ත තානාපතිනී අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අදීප තිලකරත්න මහතා අත්සන් විසින් අත්සන් තබන ලදී.

අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාලව නිළධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර 2025 වසරේදී මෙය නිම කිරීමට සැලසුම්කර ඇත. මෙහි පළමු අදියර පෙබරවාරි මස 20, 21 සහ 22 යන තෙදින තුළ ගම්පොල පිහිටි යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම පුහුණු වැඩසටහන සදහා ස්විස්ටර්ලන්ත රජයේ අනුග්‍රහය සහිතව විශේෂඥ පුහුණුව ලත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය. මෙම පුහුණු වැඩසටහන යටතේ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෝරාගත් කණ්ඩයකට මූලික පුහුණුව ලබා දීමට නියමිතය. 

2024-02-19 Swedens mission  12024-02-19 Swedens mission  22024-02-19 Swedens mission  3

2024-02-19 Swedens mission 122024-02-19 Swedens mission  52024-02-19 Swedens mission  6

2024-02-19 Swedens mission  72024-02-19 Swedens mission  82024-02-19 Swedens mission  10

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052