Kaluthara PHI 3මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවයට බැඳී ජාතික සෞඛ්‍ය විද්‍යයාතනයේ පාඨමාලා හදාරණ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිළධාරීන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහනක්  පෙබරවාරි 02 දින කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යයාතනයේ පැවැත්විණි.

 

ජාතික සෞඛ්‍ය විද්‍යයාතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා වන පාඨමාලාවට ආපදා අවදානම් කළමනාකරණය පිළිබද විෂය ක්ෂේත්‍රය ඇතුලත් කර ඇති හෙයින් මෙම විෂය ක්ෂේත්‍රය ආවරණය වන ආකාරයට විෂයානු බද්ධ දැනුම  වර්ධනය කිරීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම එක්දින පුහුණු වැඩසටහන අන්තර්ගත විය.

ව්‍යසන කළමනාකරණ පනත හා එමඟන් පැවරී ඇති බලතල, රටතුල ක්‍රියාත්මක ආපදා කළමාකරණ ක්‍රියාවලිය, සෙවීම් හා මුදවා ගැනීම්, ආපදා අවස්ථාවකදී පූර්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සහ පවතින සන්නිවේදන යාන්ත්‍රණය,  සන්නිවේදන පද්ධති ක්‍රියාත්මක වන ආකාරය, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය හා හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ කඳවුරු කළමනාකරණය සහ ආපදා අවස්ථාවකදී මහජන සෞඛ්‍ය නිලධාරියෙකු වශයෙන් ඉටුකළ යුතු කාර්යයභාර්යය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම සහ  එහි ප්‍රවනතා පිළිබඳව සිද්ධාන්තික දේශන මෙම පුහුණු සැසියට ඇතුලත් විය.

එසේම හදුනාගත් ආපදාවක් සදහා ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ආපදා පුර්ව අනතුරු ඇගවීම, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය, කදවුරු කළමනාකරණය සහ මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව සිද්ධි අධ්‍යයනයක් තුළින් ලබාගත් දැනුම භාවිතා කිරීම පිළිබඳව පෙරහුරු අභ්‍යාසයකට ද වැඩසටහනට සහභාගී වු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්  සහභාගී විය.

Kaluthara PHI 1Kaluthara PHI 2Kaluthara PHI 3

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052