Ariforce Awareness 2024-02-02 5ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය පුහුණු මධ්‍යස්ථානයේ 75 වන කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව හදාරන නිලධාරීන් හට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අද දින (පෙබ.02) වන දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

වර්තමානය පවතින ආපදා අවදානම් තත්වයන් සළකා බැලීමේ දී හදිසි මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අභිබවමින්ආපදා අවදානම් කළමනාකරණය කිරීම ආපදා පෙරසුදානම, ප්‍රජා දැනුවත් කිරීම සහ ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීමේ මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අධීප තිලකරත්න මහතා පෙන්වා දෙන ලදී. එසේම ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රාමුගත වැඩ සටහන් කලාපීය සහයෝගීතාවයන් සහ දිවිපාර්ශවීය දැනුම හුවමාරු කරගැනීම් තුළින් දැනුම සහ භාවිතයන් පිළිබඳ තොරතුරු යාවත් කාලීන කරගැනීම, පාසැල් විෂය නිර්දේශය තුළින් මෙන්ම මෙවැනි ආයතනික පුහුණු වැඩසටහන් තුළින් අවදානම් කළමනාකරණ දැනුම ලබාදීමේ වැදගත්කම පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනෙරාල්වරයා පළමුව තමා ජීවත්වන වටපිටාවෙහි සුරක්ෂිතබව ඇති කර ගත හැකි නම් තමා ජීවත්වන ප්‍රදේශයේ සුරක්ෂිතබව සුරැකෙන බවත් ඒ තුළින් රටේ සුරක්ෂිතබව ඇතිකර ගත හැකි බවත් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මධ්‍යම මට්ටමේ නිලධාරීන් විවිධ මට්ටම්වල මාණ්ඩලික පත්වීම් සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් ඔවුන්ගේ වෘත්තීය දැනුම සහ සිවිල් කළමනාකරණ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම පාඨමාලාවේ එක් විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීම ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යයභාර්යය සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලබන හදිසි මෙහෙයුම් ක්‍රමවේද මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය යන විෂය ක්ෂේත්‍ර මෙම දැනුවත් කිරීමේ වැඩසටහනින් ආවරණය කරන ලදී.

එසේම කාලගුණික බලපෑම් හේතුවෙන් ඇතිවන ආපදා පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් සහ ගුවනේ කාලගුණික තත්ත්ව නිරීක්ෂණ කිරීම සහ පුරෝකථන ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සහ වර්තමානයේ දැඩි අවධානයට යොමු වී ඇති භූමිකම්පා අවදානම සහ භූමිකම්පා නිරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනට ඇතුළත් විය.

Ariforce Awareness 2024-02-02 2 Ariforce Awareness 2024-02-02 6 Ariforce Awareness 2024-02-02 11

Ariforce Awareness 2024-02-02 16 Ariforce Awareness 2024-02-02 23 Ariforce Awareness 2024-02-02 32

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052