Monaragala landslide 2024-01-13 3මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකංඩ ග්‍රාම නිළධාරී වසමෙහි වරාදොල‍වත්ත වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශය අද උදෑසන නායයාමක් වාර්තාවිය. මෙම ප්‍රදේශයේ නාය සක්‍රීය වීමට පෙර නායායම් ලක්ෂණ හදුනාගැනීම නිසා වරාදොලවත්ත වතු නිවාස 21 ක පුද්ගලියන් 61 ක් ආරක්ෂිත මධ්‍යස්ථානඅ වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබීය. අවදානම් නිවාස වල ජීවත් වු පිරිස් ඉවත් කිරීමත් සමග සක්‍රීය වු නාය හේතුවෙන් නිවාස සම්පපුර්ණයෙන්ම විනාශ වී ඇති අතර විමසිලිමත් කම සහ නිසි සම්බන්ධීකරණය තුළින් මෙම නිවාස වල ජීවත් වු පිරිස ඉවත් කිරීම කටයුතු කිරීම නිසා සිදු වීමට තිබු හානි අවම කරගැනීමටත් නිවාසවල ජීවත් වු පුද්ගලයින් ගේ ජීවිත ආරක්ෂා කරගැනීමටත් හැකි විය.

හදුනාගත් අවදානම් නිවාස වල ජීවත වු පිරිස තාවකාලිකව වරාදොලවත්ත සිංහල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයට යොමු කිරීමට මොනරාගල ආපදා කළමනාකරණ සම්බ්න්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී. මෙම පිරිසට අවශ්‍ය ආහාර සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් මොනරාගල දිස්ත්‍රික් ලේකම්ගේ අධික්ෂණය යටතේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් සපයා දෙනු ලැබේ.

පසුගිය දින කීපය තුළ මොනරාගල දිස්ත්‍රික්කයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් වරාදොලවත්ත රබර්වතු යායෙහි වතු නිවාස ඉදිකර ඇති ප්‍රදේශය තුළ නායයාම් අවදානම් ලක්ෂණ පෙන්නුම් කරන ලද බැවින් මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර පවතින අධිඅවදානම් තත්ත්වය පිළිබදව සළකාබලා ජනතාව ඉවත් කිරීමට නිර්දේශ කර තිබිණි. අද දිනයේ මෙම ප්‍රදේශයේ පාෂාණ ස්ථර අස්ථාවරවීම්, විටින් විට ගස් පෙරලීම් සහ ගල් පෙරලීම් නිරීක්ෂණය වු බැවින් ක්ෂණිකව මෙම වතු නිවාස වල ජීවත් වු ජනතාව ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. ආපදා අවදානම හදුනාගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීමට හැකියාව ලැබිනි.
ඔබ නායයාම් හෝ ආපදා අවදානම් ප්‍රදේශයක ජීවත්වන්නේ නම් පරිසරයේ ඇතිවන මෙවැනි වෙනස්කම් පිළිබදව නිරන්තර අවදානය යොමු කිරීම සහ ඒ පිළිබදව තාක්ෂණික ආයතන දැනුවත් කිරීම තුළින් සිදුවිය හැකි අනතුරු වළකාගත හැක. එබැවින් කිසියම් වු ආපදා අවදානම් තත්ත්වයක් පිළිබද ඔබට නිරීක්ෂණය වන්නේනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුමි අංක 117 දුරකථනයට දැනුවත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052