Minister EOC visit 7පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිඩා අවම කිරීම සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

පවතින ආපදා තත්වය හේතුවෙන් මේ වන විට බලපෑමට ලක්වී ඇති ආකාරය පිළිබදව දත්ත හා තොරතුරු සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය, හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටී. සී හරස්ගම, දැනුවත් කිරීමේ අංශ වැඩබලන අධ්‍යක්ෂ ඇතුලු හදිසි මෙහෙයුම් මැදිරි රාජකාරී භාර නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට (05) දිස්ත්‍රික්ක 12 ක තුළ පවුල් 13,627 ක පුදුගලයින් 55,780 ක් පීඩාවට පත්වී ඇත. ආපදා හේතුවෙන් නිවාස 07 ක් පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 702 ක් අර්ධ වශයෙන් හානියට පත් වී ඇත. ගම්පහ සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පවුල් 352 කට අයත් 1,473 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 15 ක තාවකාලිකව රඳවා ඇත.

Minister eoc visit 1Minister EOC visit 2Minister EOC visit 6

Minister EOC visit 3Minister EOC visit 4Minister EOC visit 5

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052