Badulla DRR Competition 2023 3

මානව හා ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් නිර්මාණය වන ආපදා අවදානම් ප්‍රමාණාත්මකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලදී බදුල්ල දිස්ත්‍රික්කයෙහි විද්‍යමාන විය. එබැවින් දිස්ත්‍රික්කය තුළ වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම අවම කිරීම සදහා පුර්ව සූදානම්වීමේ වැදගත්කම සමාජ ගත කිරීමේ අරමුණින් ආපදා අවදානම් අවමක කිරීමේ ව්‍යාපෘති තරඟාවලියක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවිධානය කිරීමට බදුල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී. මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගැයීම වරාය, නාවික සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල්සිරිපාල සිල්වා ආමාත්‍යතුමා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 27 වන දින බදුල්ල රිවර්සයිඩ් හෝටලයේ දී පැවැත්විනි.

ශ්‍රමදානමය සංකල්පය තුළින් දියත් වූ ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අධික්ෂණය කර තොරාගන්නා ලද ජයග්‍රාහී ව්‍යාපෘති 15ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිරීක්ෂණය කරන ලදී. එහි දී ආපදා අවදානම් කළමනාකරණ සංකල්පය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් ව්‍යාපෘති නිරීක්ෂණය කරන ලදී. ව්‍යාපෘතියෙහි අරමුණ, ව්‍යාපෘති සැලැස්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අදියරයන්හි දී තාක්ෂණය භාවිතා කිරීම සහ ව්‍යාපෘතිය අවසාන් ප්‍රතිඵලය දක්වා නිර්ණායක 10 ඔස්සේ ලකුණු ලබාදීම සිදු කරන ලදි. ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලියේ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහන පිළිබඳ අවසන් ප්‍රතිඵල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවසන් උත්සව (27) දිනයේ දී ප්‍රකාශයට පක් කරන ලදී.

ආපදා කළමනාකරණ ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්කවරුන් සහ පළාත්පාලක ආයතනවල මගපෙන්වීම යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් දිස්ත්‍රික්කය පුරා ව්‍යාපෘති සංඛ්‍යාව 578 ක්‍රියාත්මක කරන ලද අතර ශ්‍රමදාන මට්ටමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජා මූලික ආපදා අවදානම් අවමකරණය ව්‍යාපෘතිවල දළ ඇස්තමේන්තුව මිලියන 60 කට ආසන්න විය.

ග්‍රාම සේවා වසම තුළ සේවය කරනු ලබන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සහන සේවා නිලධාරින්, වතු නියොජිතයන්, වන සංරක්ෂණ හා වනජීවි නිලධාරින්, සෞඛ්‍ය සේවා අංශ නිලධාරින්, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරින්, ත්‍රීරෝද රථ රියදුරන්, ස්චෙච්ඡා නිලධාරින් හා ප්‍රජාව සමඟ ඒකාබද්ධ වූ අතර, ගම් මට්ටමින් පැවති ග්‍රාම සංවර්ධන සමිති ඇතුළු ප්‍රජා මූලික සංවිධාන ඒකාබද්ධ වෙමින් ආගමික නායකයින්ගේ ආශිර්වාදය සමඟ ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය දියත්විය.

“ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් යුරෝපා සංගමයේ මුල්‍ය ආධාර යටතේ ඌව පළාත තුළ ක්‍රි්යාත්මක පළාත් පාලන ධාරිතා වර්ධන ව්‍යාපෘතියෙහි (CDLG Project) මුල්‍ය දායකත්වය යටතේ සංවිධානය කරන කරන ලද අතර ශ්‍රමදාන සංකල්පය තුළින් ප්‍රජාමුලික සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි අවදානම ඉහළ ව්‍යාපෘති සඳහා එමඟින් විසඳුම් ලැබිණි. ප්‍රදේශය තුළ පවතින අවදානම් මාර්ග සංවර්ධනය කිරීමේ, වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම, නායයෑම් අවදානම් අවම කිරීම, පාංශු ඛාදනය අවම කිරීම, අනතුරුදායක ගස් ඉවත්කිරීම, වගා හානි අවම කිරිම, ජල පෝෂක සංරක්ෂණ කිරීම, වන සත්ව හානි අවම කිරීම, පොදු ගොඩනැගිලිවල පවතින අවදානම අවම කිරීම, කැලෑගිනි අවදානම අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම ආදී ක්ෂේත්‍ර 22 කට අදාලව ව්‍යාපෘති 578 ආසන්න ප්‍රමාණයක් මේ යටතේ නිම කිරීමට හැකි විය.

Badulla DRR Competition 2023 8  Badulla DRR Competition 2023 0  Badulla DRR Competition 2023 16

Badulla DRR Competition 2023 7  Badulla DRR Competition 2023 11  Badulla DRR Competition 2023 15

Badulla DRR Competition 2023 12  Badulla DRR Competition 2023 10  Badulla DRR Competition 2023 9

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052