Badulla Compettition 01මානව හා ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් නිර්මාණය වන ආපදා අවදානම් ප්‍රමාණාත්මකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලදී බදුල්ල දිස්ත්‍රික්කයෙහි විද්‍යමාන විය. එබැවින් දිස්ත්‍රික්කය තුළ වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම අවම කිරීම සදහා පුර්ව සූදානම්වීමේ වැදගත්කම සමාජ ගත කිරීමේ අරමුණින් 2022 වර්ෂයේ දී බදුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තරඟාවලිය පැවැත්වීම මගින් දිස්ත්‍රිකය පුරා ජනතාවගේ සාමුහික මැදිහත්වීම සහ අවධානය යොමු කරගැනීමේ වැදගත් කම පිළබව යෝජනාක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව එවකට බදුල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි ඉටුකරන ලද දිස්ත්‍රික් ලේකම්තුමියගේ විශේෂ අවධානය යොමු වු අතර ඒ අනුව මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රිකයෙන් ආරම්භ විය.

එම සංකල්පයට අනුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි වසමකම එකම දිනයක දී ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වූ අතර, ප්‍රදේශයේ පවතින මානව හා භෞතික සම්පත් පමණක් යොදා ගනිමින් ප්‍රජාව, රාජ්‍ය යාන්ත්‍රණය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව ව්‍යාපෘති ආරම්භ කිරීම මෙහි ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ප්‍රාදේශීය ආපදා අවමකිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රමදානමය සංකල්පය තුළින් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 567 ම ආවරණය වන ලෙස වසම් මට්ටමින් ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කොට පසු ගිය ජුලි මස 20 වන දින සිට සතියක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක විය.

ශ්‍රමදානමය සංකල්පය තුළින් දියත් වූ ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අධික්ෂණය කර තොරාගන්නා ලද ජයග්‍රාහී ව්‍යාපෘති 15වක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිරීක්ෂණය කරන ලදී. එහි දී ආපදා අවදානම් කළමනාකරණ සංකල්පය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් ව්‍යාපෘති නිරීක්ෂණය කරන ලදී. ව්‍යාපෘතියෙහි අරමුණ, ව්‍යාපෘති සැලැස්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අදියරයන්හි දී තාක්ෂණය භාවිතා කිරීම සහ ව්‍යාපෘතිය අවසාන් ප්‍රතිඵලය දක්වා නිර්ණායක 10 ඔස්සේ ලකුණු ලබාදීම සිදු කරන ලදි. ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලියේ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහන පිළිබඳ අවසන් ප්‍රතිපල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවසන් උත්සව (27) දිනයේදී ප්‍රකාශයට පක් කරන ලදී. අපක්ෂපාති සහ මනා තාක්ෂණික අවබෝධයකින් යුක්තව ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව බෝහෝ පිරිසකගේ ඇඟයිමකට ලක්විය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ විශේෂ අවධානය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක කරනු ලබන ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට නව ජීවයක් එක් කළ අතර බදුල්ල පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ එක්ව ක්‍රියාත්මක කරනු ලබන ඌව පළාත් පාලන ආයතන ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන මගින් ආපදා අවදානම් අවමකිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ මෙම තරඟාවලිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී.

සමස්ථ ක්‍රියාවලියට පළාත් පාලන ආයතන අනුගත කිරීම සදහා පළාත් පාලන කොමසාරිස් විශේෂ දායකත්වයක් ලබා දුන් අතර සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ රාජ්‍ය නිළධාරීන සහ මහජනතාව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලදී.

Badulla Compettition 03  Badulla Compettition 05  Badulla Compettition

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052