තෝරාගත් ගංඟා නිම්නවල ආපදා ප්‍රත්‍යස්ථතාව ඉහළ නැංවීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයදේශගුණික ඔරොත්තු දීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්.

wavugam Pubuduwa 2023-07-07 17ශ්‍රී ලංකා රජය සහ හරිත දේශගුණික අරමුදලේ මුල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක් කරනු ලබන දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) හෙවත් වැවි ගම් පුබුදුව වැඩසටහන මල්වතු ඔය, යාන්ඔය සහ මීඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වන ආන්තික දේශගුණික තත්ත්වයන්ට මෙම ගංගාධාරවල ජීවත් වන ජනතාව සතු අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටුකළ යුතු කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘති සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අතර ඒකාබද්ධ අවබෝධතා ගිසිසුමක් අත්සන් කෙරිණි.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහ දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

 

මෙම ගිවිසුම අනුව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද යාවත්කාලීන කිරීම සහ නව ක්‍රමවේද ස්ථාපිත කිරීම, ආපදා පෙරසූදානම් සැලසුම් සකස් කිරීම කාලගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වන ආපදා තත්ත්වයන්ට අනුවර්ථනය වීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් මල්වතු ඔය, යාන්ඔය සහ මීඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කලාපය තුළ ජීවත් වන ජනතාව සතු ආපදා අවදානම් සහ ආන්තික අවස්ථාවන්ට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන උසස් නිළධාරීන් සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක භාර නිළධාරීන්, වාරිමාර්ග අමාත්‍යාශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියෙහි නිළධාරීන් සහ මෙම ව්‍යාතිය සදහා තාක්ෂණික උපදේශකත්වය සපයන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

DMC Media-

wavugam Pubuduwa 2023-07-07 12 wavugam Pubuduwa 2023-07-07 22 wavugam Pubuduwa 2023-07-07 3

wavugam Pubuduwa 2023-07-07 2 wavugam Pubuduwa 2023-07-07 7 wavugam Pubuduwa 2023-07-07 21 wavugam Pubuduwa 2023-07-07 11

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052