ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම - දෙසති වැඩසටහන පිළිබඳව මාධ්යය ආයතන දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් 2018.05.17 වන දින ආපදා කළමනාකරණ මධ්යස්ථානයේදී පැවැත්විණි.
Emergency Preparedness and Coordination Meeting for upcoming South-West Monsoon, 2018 was conducted with the meteorological forecast, as expecting the on-set of the south-west monsoon by the mid of May 2018.
අම්පාර දිස්ත්රික්කයේ, උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුමාරිගම ග්රාම නිලධාරී වසමට අයත් ආන්දල් ඔයෙහි කෘෂිකාර්මික අමුණ කැඩී ජලය කාන්දු වන මට්ටමට පත්ව ඇති අතර මෙය තවදුරටත් පැවතියහොත් ගංගා නිමිනයේ පහළ ප්රදේශ වල ජීවත්වන ජන ජීවිත වලට සහ දේපළ වලට හානි සිදු විය හැකි බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්යය කටයුතු සොයා බැලීම සදහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්ය දුමින්ද දිසානායක, ගරු කෘෂිකර්ම අමාත්යය මහින්ද අමරවීර සහ ගරු පළාත් පාලන සහ ක්රීඩා රාජ්යය ඇමතිනී ශ්රියානි විජේවික්රම යන අමාත්යතුමන්ලා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.
මෙහිදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්යතුමා ගේ උපදෙස් මත යුධ, නාවික හමුදා භට පිරිස් සම්බන්ධ කර ගනිමින් අදාල අමුණ ප්රතිසංස්කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානය කටයුතු කරන ලදී. ජනතාවගේ හා දේපල වල ආරක්ෂාව තහවුරු කිරීමටත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සංරක්ෂණය කිරීමටත් මෙ මගින් හැකි විය.
24 වන බල සේනාංකාධිපති, නැගෙනහිර නාවික අඥාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා හා නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අම්පාර දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.
ආපදා කළමනාකරණ අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්යස්ථානය සහ ආපදා සහන සේවා මධ්යස්ථානය යෙන් පීඩාවට පත් ජනතාවට අවශ්ය සහන සිකුරාදා (12) සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටි ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 208 ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්යාව 463කි.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002









