Miyanmar team 5පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක්වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන්  යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අප්‍රේල් 26 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව්බිමට ළගා වූහ.

මෙම මස මුලදී මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පා අවස්ථාවේදී, ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් 5 වන දින මෙම විශේෂ ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම මියන්මාරය බලා පිටත් වු අතර ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම මියන්මාරයේ නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයක් වන පොබ්බා තිරි (Pobba Thiri) නගරයේ ආපදා සහන සේවා කටයුතු වල නිරත විය.

 

Assistance for Miyanmar victims  2ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිගේ සහ රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් පරිදි සහ රජයේ සෘජු මැදිහත්වීමෙන්, විදේශ අමාත්‍යතුමාගේ සහ ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ මියන්මාරය වෙත ලබාදීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විවිධ පාර්ශවකාර ආයතන සම්න්ධීකරණයෙන් එක්රැස් කරන ලද මානුෂීය ආධාර තොග සහිත අඩි 20 කන්ටේනර් බහාලුම් 10ක් සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ ජාතික මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍යාධාර ඇතුලත් තාපය පාලනය කරන ලද අඩි 20 කන්ටේනර් බහාලුම් 02 ක් සහිත ආධාර තොග මියන්මාරය වෙත පිටත් කර යැවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත භාරදීම භාරදීම අද දින (18/04) සිදු කරන ලදී.

 

Miyanmar Team Deploynemt  1

රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මියන්මාරය වෙත පිටත් කරන ලද හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිළධාරී කණ්ඩායම අප්‍රේල් 05 වන දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ඇතුල් වී ඇත.


මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, යැංගොන් කලාපීය ප්‍රධාන අමාත්‍ය U Soe Thein මැතිතුමා ඇතුලු පිරිසක් විසින් ශ්‍රී ලාංකික සහන සේවා කණ්ඩායම ගුවන් තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී ඔවුන් පිළිගෙන ඇත.

මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කර ඇති අතර, ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය ඔස්සේ දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍ර සබඳතාවන් යළිත් අවධාරණය කර ඇත.

Humanitarian Duteis in Myanmar 2025  5පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් සැලකිය යුතු දේපල හානි සහ පුද්ගල අවතැන්වීම් වාර්තා වූ මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම සිය අඛණ්ඩ සහාය තවදුරටක් දක්වමින් කටයුතු කරයි.

පසුගිය සතියේ මියන්මාරය වෙත ළඟා වූ ඔවුන්, භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කලාපවලින් එකක් වන Nay Pyi Taw පළාතට වහාම පිටත් කර හරින ලදී. පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) දින ඔවුන් තවදුරටත් Pobba Thiri නගරයේ මෙහෙයුම් සඳහා යොදවන ලද අතර, එහිදී ඔවුන් මෙම සහන මෙහෙයුමේ කොටසක් වශයෙන් ආරම්භ කල ජංගම වෛද්‍ය සායන කටයුතුවල නියැලෙමින් සිටී.

ශ්‍රී ලංකා සහන කණ්ඩායම පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙමින්, අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපිත මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින කාන්තාවන්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරයි. එරට වාණිජ අමාත්‍යාංශය, Lat Lok Toun Pagoda සහ Mashikhana Monastery හි පිහිටුවා ඇති සහන සේවා මධ්‍යස්ථානය මීට ඇතුළත් වේ.

 

 

1St team for  Myanmar 1පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින්හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට පසුගිය මාර්තු 31 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේදී තිරණය කරන ලදී.

ඒ අනුව පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිල මහතාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්විය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉතා කෙටි කාලයක් තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු පාර්ශවකාර ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052