ඒ අනුව සියලුම රාජ්ය ආයතවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු අතර කාර්යාල ආරම්භයේ දී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙස රජය දන්වා සිටියි.
සියලුම ශ්රී ලාංකිකයන්ට මේ සඳහා එක්වන ලෙසත් රජය ඉල්ලා සිටියි.
අප්රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ශ්රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ව්යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටී.
සබරගමුව, මධ්යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
අකුණු සහ ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
2019 අප්රේල් මස 21වැනි දින දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ ත්රස්තවාදී ප්රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශොකය ප්රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ප්රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.
2019 අප්රේල් 21 දින දිවයිනේ ස්ථාන කීපයක සිදුවු බෝම්බ ප්රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ශෝකය ප්රකාශ කිරීම සඳහා රජය විසින් අද (23) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කෙරුනු අතර 23 දින උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට කටයුතු කරන උපදෙස් ලබාදී තිබිණි.
කොළඹ ප්රධාන හෝටල් තුනක් වන සිනමන් ග්රැන්ඩ්,සැන්ග්රිලා,කිංස්බරි යන හෝටල් තුළ සහ කටාන,කොච්චිකඩේ සහ මඩකළපුව ප්රදේශවල දේවස්ථාන තුනකත් පිපිරීම් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් තහවුරු විය. තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතරපිපිරීම හේතුවෙන් පුද්ගල මරණයට පත්වීම් ද වාර්තා වේ.
මෙම සංවේදී අවස්ථාවේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා මහජනතාව ගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටී.එසේම මෙම සිද්ධීන් සම්බන්ධව විවිධ ප්රචාර වලට කලබලයට පත් නොවී සන්සුන්ව කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




