ආපදා කළමනාකරණ අංශයේ ප්රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්යාංශ ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ආපදා කළමනාකරණ අංශයේ ප්රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්යාංශ ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ආපදා කළමනාකරණ අංශයේ ප්රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතා ගේ ප්රධානත්වයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික සහන සේවා මධ්යස්ථානය යන ආයතන වල ප්රධානීන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශ ශ්රවනාගාරයේ දී ඊයේ දීන (27) පැවැත් විණි.
රත්තපුර දිස්ත්රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම අද දින සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්යසන තත්වය හමුවේඉදිරියේ මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ආපදාවලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමසහ ගංවතුර අවදානම් නිවාස හදුනා ගැනීමට කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානය සැළසුම් කරන ලදී. ඒ සදහා අවශ්ය දැනුවත් කිරීමේ ස්ටිකර් හා අත්පත්රිකා මුද්රණය කර නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ආපදා ඇති විය හැති දිස්ත්රික්ක වෙත බෙදා දීමට කටයුතු කරන ලදී.
මෙම වැඩ සටහන යටතේ රත්තපුර දිස්ත්රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම සහ අධි අවදානම් නිවාස සළකුණු කිරීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත්රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය ගේ ප්රධානත්වයෙන් රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ මධ්යස්ථානය හා රත්නපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් අද දින (28)සිදු කරන ලදී.
නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණය කර ගැනීම
කොවිඩ් 19 ව්යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්යස්ථාන ශ්රවනාගාරයේ දී පැවැත්විණි.
කෝවිඩ් ව්යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන ලෙසත් ඒ අයට ද ආපදාවට ලක්වීම නිසා ලබා දෙන වියලි සලාක වැනි සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මෙම මාධ්ය හමුවේ දී පැවසීය.
ආපදා කළමානාකරණ මධ්යස්ථායේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්යාග කෙරිණි.
ආරක්ෂක අමාත්යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයේ ප්රගති සමාලෝචන රැස්වීම අමාත්යාශ ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් ඊයේ දීන (27) ආපදා කළමනාකරණ අංශ ශ්රවනාගාරයේ දී පැවති අතර ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිළධාරීන් විසින් අදාල චෙක් පත කොවිඩ් 19 අරමුදලට පරිත්යාග කිරීම සදහා ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතා වෙත ලබා දෙන ලදී.
දැනට පවතින වැසි තත්වය තවදුරටත්
කොවිඩ් 19 ව්යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්යස්ථාන ශ්රවනාගාරයේ දී පැවැත්විණී.
ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවලව දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




