මධ්යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවල ධීවර සහ නාවුක කටයුුතුවල යෙදීමෙන් වළකින්න.
ඊසාන දිග බෙංගාල බොක්ක ප්රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. අද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවල තද හෝ ඉතා තද ප්රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සැප්තැම්බර් 19 දින සිට 22 දින දක්වා යාත්රා කිරීමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්රජාව වෙත දැනුම් දී ඇති අතර මේවන විටත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වල යෙදෙමින් සිටින යාත්රා හැකි ඉක්මනින් වාඩාත් ආරක්ෂිත මුහුදු ප්රදේශ වෙත යාත්රා කරන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.
ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ නියැලෙන රාජ්ය නිළධාරීන්ගේ අවදානම් කළමනාකරණ පිළිබද පුහුණු පාඨමාලාවක්.
ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ නියැලෙන රාජ්ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැසසටහන ක්රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය දා ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී පැවැත් විය.
ආපදා අවදානම් කළමනාකරණ සංකල්ප, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම් සකස්කිරීම, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, අන්තර් ජාතික මානුෂීය ආධාර, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි ආපදා සහ එහි බලපෑම, ගංවතුර ආපදා කළමනාකරණය, නායයෑම් ආපදා අවදානම් කළමනාකරණය, භූකම්පන අවදානම් කළමනාකරණ, ජාතික මට්ටමේ සිට ග්රාමීය මට්ටම දක්වා ආපදා සහන සේවා ක්රියාත්මක කිරීමේ ක්රියාවලිය, ප්රජා මුලික ආපදා කළමනාකරණ ක්රියාවලිය, හදිසි ආපදා තත්වයක දී මහජන සෞඛ්ය පවත්වාගෙන යාම සහ ඒ සදහා පවතින ජාත්යන්තර ප්රමිති, ආපදා අවස්ථාවක දී මෘත ශරීර කළමනාකරණය යන විෂය ක්ෂේත්ර පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.
අත්තනගලු ඔය ද්රෝනියට ගංවතුර අවදානමක්
ඊයේ දින රාත්රී අත්තනගලු ඔය ද්රෝනියේ ඉහළ ජලාධාර ප්රදේශයට ඇදහැලුනු තද වර්ෂාව හේතුවෙන් ඉහළ ධාරා ප්රදේශයේ සමහර ස්ථාන සුලු ගංවතුර තත්වයක් වාර්තාවන බවත් වර්ෂාපතනය පහව ගොස් පැවතිය දඉහළ ද්රෝනියේ ජලය පහළට ගලා ඒම හේතුවෙන් අද (7) රාත්රිය වන විට පහළ ද්රෝණියේ ඇතැම් පහත් බිම් ප්රදේශවල සුලු ගංවතුර තත්වයක් වාර්තාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම ගම්පහ - ජාඇල මාර්ගය සහ කිරිදිවිට - ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවත් අද දින රාත්රියේ ද යම් වර්ෂාවක් ඇතිවුව හොත් මෙම තත්වයේ වැඩි්වීමක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
බුත්තල පිහිටි නිළධාරී ප්රගමන ප්රවර්ධන මධ්යස්ථානය පුහුණු නිළධාරීන් කළමනාකරණ මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
බුත්තල පිහිටි නිළධාරී ප්රගමන ප්රවර්ධන මධ්යස්ථානයේ පුහුණුව ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (07) ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිවයින වටා මුහුද රළුවිය හැක.
2020 සැප්තැම්බර් 06 දින සිට 07 දින දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සුළගේ වේගය වැඩිවීමත් සමග මෙම මුහුදු ප්රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
News & Events
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




