අම්පිටියකන්ද සහ මකල්දෙනිය නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබද සොයාබැලීම.

මීරියබැද්ද සිදුවු නායයාම් ආපදාව නිසා නිවාස අහිමිව අවතැන් වු පිරිස නැවත පදිංචි කර ඇති මකල්දෙනිය නිවාස සංකීර්ණයේ සහ නාය යාම් දැඩි අවදානම පවතින ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු ජනතාව නැවත පදිංචි කර ඇති අම්පිටිය කන්ද නිවාස සංකීර්ණයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා එම නිවාස සංකීර්ණ අද දින (01) නිරීක්ෂණ කරන ලදී.



හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි ලබාදීම.
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි බෙදාදීම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.
ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය.
ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් පාඨමාලාවේ අංගයක් වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදවත් හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදවත් සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගිග දැනුම ලබාගැනීමේ අරමුණින් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්
නිරන්තරයෙන් ගංවතුර අවදානමට පාත්රවන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවදානම් කලපාවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබදව දැනගැනීමට හැකිවන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කර තිබේ.
පසු ගිය දින වල පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජලාශ පිරී ගොස් ඇති බැවින් ඇතැම් ජලාශ බැමි අස්ථාවර වීම්, ජලය කාන්දුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක් නිරීක්ෂණය වුව හොත් ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාරකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කොහොලංගල ග්‍රාම නිලධාරී වසමේ පිහිට් මයුරපුර කුඩා වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග වැවි බැමිමේ කුඩා ජල කාන්දුවක් පසුගිය දා සිදු නිරීක්ෂණය වීමත් සමග හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට නාගරවැව පිහිටි 122 යුධ හමුදා බලසේනාවේ හමුදා නිළධාරීන් සහ භට පිරිසකගේ සහය ඇතිව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරී ලෙස වැඩි ජලය ඉවත් කිරීමට හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.
ඒ අතරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි බටහිර වාරිමාර්ග කලාපයට අයත් කාන්තන්කුලම් වැවේ ඇති වී ඇති ජල කාන්දුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ කිලිනොච්චි ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු සම්බන්ධීකරණය කෙෙරමින් පවතී.



News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
அவசர தொடர்புகள்
117+94 112 670 002




