ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
එසේම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්ක සදහා මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇති අතර මෙම තත්වය ඉදිරි දින කීපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඊට අමතරව කල්පිටිය සිට කොළව ගාල්ල හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකි බවත් නිවේදනය කර ඇත. තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය යන රටවල් මෙරට තානාපති කාර්යාලවල ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් පසුගිය මැයි හය වන වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබද අවබෝධ කරගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
2004 ඉන්දීය සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් අප රට සමාජ ආර්ථික සමාජීය සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වු බවත් එබැවින් ආපදා හේතුවෙන් අප රටට සිදු විය හැකි බලපෑම අවම කර ගැනීම සදහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පෙන්වා දෙන ලදී. එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බව නියෝජිත පිරිසට තව දුරටත් අවධාරණය කරන ලදී.
බහු-උපද්‍ර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, ආපදා පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ ආපදා හේතුවෙන් ඇති විය හැකි බලපෑම් අවම කිරීම සදහා වු පරිසරයක් නිර්මාණය කිරීම සහ එවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීම සදහා පවතින ආපදා අවදානම ප්‍රමාණාත්මකව අවම කිරීම සදහා තීරණාත්මක අවශ්‍යතාවයකි.
කලාපීය රටවල ආපදා අවදානම් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතිව බංලගලාදේශ රාජතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. බංගලාදේශ ආපදා කළමනාකරණ සහ සහන අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් කම්රුල් හසන් මහතා (Mohamed Kamrul Hasan) ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය.
නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පූර්ව සූදානම පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම
ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීයවීමත් සමග අපේක්ෂිත අධික වර්ෂාපතනයත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පෙරසුදානම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටු රැස්වීමේ අරමුණ විය.
දේශගුණික වෙනස්කම් හා බලපෑම් මත කෙටි කාලයක් තුළ අධික තිව්‍රරතාවයෙන් යුක්තව වැසි ලැබීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වුව ද මේ සදහා බලපා ඇති සාධක සළකා බැලීමේ දී මිනිසා විසින් නිර්මාණය කරන ලද අක්‍රමවත් ක්‍රමවේදයන් බව දිස්ත්‍රික් ලේකම් විසින් පෙන්වා දෙන ලදී. එබැවින් නාගරික ක්ෂණික ගංවරතුර ඇති වීමට බලපා ඇති මුලික සාධක හදුනා ගැනීමත් ඒවා පාලනය කිරීම සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු බවත් පෙන්වා දෙන ලදී.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
அவசர தொடர்புகள்
117+94 112 670 002